Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 27:1 - Sinhala Revised Old Version

1 මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද සෙනඟට අණකරමින්: මා විසින් අද නුඹලාට අණකරන මුළු ආඥාව පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැටුව සෙනඟට මෙසේ කී ය: “අද දින මා ඔබට නියම කළ සියලු අණපණත් පිළිපදින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැටුව සෙනඟට මෙසේ කී ය: “අද දින මා ඔබට නියම කළ සියලු අණපනත් පිළිපදින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 27:1
13 හුවමාරු යොමු  

මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.


මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂාකොට, එක අණක් කඩකළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක්වී සිටී.


උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.


මේ පනත් හා විනිශ්චයවල් පවත්වන්ට අද දවසේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකරනසේක. එබැවින් ඒවා නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද පවත්වන්ට බලාගන්න.


මා විසින් අද නුඹලා ඉදිරියෙහි තබන සියලු පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්ට බලාගන්න.


තමන් මැවූ සියලු ජාතීන්ට වඩා කීර්තියෙන්ද නාමයෙන්ද ගෞරවයෙන්ද නුඹ උසස්කරන්ටත්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී ලෙස නුඹ තමන්වහන්සේට ශුද්ධවූ සෙනඟක් කරගන්ටත් අද නුඹට පොරොන්දුවූසේකැයි කීවේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයට යොර්දානෙන් එතරව නුඹ යන දවසේ මහත් ගල් සිටුවාගන, ඒවායේ හුනු ගා,


තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,


යොර්දානෙන් එගොඩ කාන්තාරයෙහි පාරාන්ද තොඵෙල්ද ලාබාන්ද හශේරොත්ද දී-සාහාබ්ද අතරේ සූඒ ඉදිරිපිට අරබා සමභූමියේදී මෝසෙස් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කියනලද වචන මේවාය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද හොඳාකාරයෙන් රක්ෂාකරන්න.


ඉතින් නුඹලා මේ හොඳ දේශය භුක්තිවිඳ, නුඹලාට පසුව නුඹලාගේ පුත්‍රයන්ට ඒක සදාකාලේටම උරුමකරදෙන පිණිස, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා පවත්වමින් ඒවා සොයන්නය කියා ස්වාමීන්වහන්සේගේ සභාව වන සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිටද අපේ දෙවියන්වහන්සේට ඇසෙන ලෙසද මම නුඹලාට අවවාදකරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්