Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 15:26 - Sinhala Revised Old Version

26 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 15:26
42 හුවමාරු යොමු  

උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක; නුඹේ සියලු රෝග සුවකරනසේක;


ස්වාමීන්වහන්සේ සියලු රෝග නුඹ කෙරෙන් පහකොට, නුඹ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවා, නුඹට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.


නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.


උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක.


බලව, මම ඊට සනීපයත් සුවයත් උපදවා, ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි.


එන්න, අපි ස්වාමීන්වහන්සේ වෙතට හැරීයමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය, උන්වහන්සේ අප සුවකරනවා ඇත; පහරදෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත.


මම වනාහි නුඹලා මිසරවරුන්ගේ වහලුන්ව නොසිටින පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මම නුඹලාගේ වියගහේ බැඳුම් බිඳ නුඹලාට කෙලින්ව යන්ට සැලැස්වීමි.


මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.


නුඹට භය ඉපදෙවූවාවූ මිසරයේ සියලු රෝගත් නුඹ පිටට නැවත පමුණුවනසේක; ඒවාද නුඹට ඇලී තිබෙන්නේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා නුඹට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න.


මා මෙසේ කරන්නේ ඔවුන් ඔහුගේ පියවූ දාවිත් මෙන් මාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේද මාගේ පනත්ද විනිශ්චයයන්ද ඉෂ්ටකරමින් මාගේ මාර්ගවල නොහැසිර මා අත්හැර, ශීදොන්වරුන්ගේ දේවතාවිවූ අෂ්ටාරොත්ටද මෝවබ්වරුන්ගේ දෙවිවූ කෙමොෂ්ටද අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවූ මිල්කොම්ටද නමස්කාරකළ නිසාය.


මම ඔහුගේ මාර්ග දුටිමි, ඔහු සුවකරන්නෙමි. මම ඔහුට මගපෙන්වා, ඔහුටත් ඔහු සමඟ වැලපෙන්නන්ටත් නැවත සැනසීම දෙන්නෙමි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන්දෙන කල්හි, ස්වාමීන්වහන්සේ තමන්ගේ තද උදහසෙන් හැරී නුඹට කරුණාව පෙන්වා, නුඹට අනුකම්පාකර නුඹේ පියවරුන්ට දිවුළ ලෙස නුඹ වැඩිකරනවා ඇත.


නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියාවූ හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුලු දුටිමි. බලව, මම නුඹ සුවපත්කරන්නෙමි. තුන්වෙනි දින නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන්නෙහිය.


සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.


නුමුත් යම් මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨව සිට යුක්තියද ධර්මිෂ්ඨකමද කෙරේ නම්, කඳු පිට නොකා,


ගිලියද්හි ගුගුල් නැද්ද? එහි වෙදෙක් නැද්ද? ඇත්නම් මාගේ දියණිය වන සෙනඟගේ සුවය ලැබී නැත්තේ මක්නිසාද?


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කොට, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ පියවූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි හැසුරුණේය.


නුඹලා මාගේ පනත් ලෙස හැසිර මාගේ ආඥාවන් රක්ෂාකරමින් ඒවා පවත්වන්නහු නම්,


මාගේ මෙහෙකරුවූ දාවිත් කළාක්මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද පවත්වමින්, මා විසින් නුඹට අණකරන සියල්ලට ඇහුම්කන්දී, මාගේ මාර්ගවල හැසිර, මාගේ ඇස් හමුවෙහි හරිවූ දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථිරවූ ගෘහයක් ගොඩනගාදුන්නාක් මෙන් නුඹටත් ගොඩනගාදී, ඉශ්‍රායෙල්වරුන් නුඹට භාරදෙන්නෙමි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යන මේ මහිමවත් භයානක නාමයට භයවෙන හැටියට මේ පොතෙහි ලියා තිබෙන මේ ව්‍යවස්ථාවේ සියලු වචන රක්ෂාකරන්ට බලානොගන්නෙහි නම්,


තවද මධ්‍යම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේ, සිංහාසනය පිට හුන් ඵාරාවෝගේ කුලුඳුලා පටන් හිරගෙයි සිටි වහලාගේ කුලුඳුලා දක්වා මිසරයෙහි සියලු කුලුඳුලන්ටත් සිව්පාවුන්ගේ සියලු කුලුඳුලන්ටත් පහර දුන්සේක.


දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.


නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. නුඹ විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.


මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස නුඹ එය නොකා සිටින්න.


ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.


ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා: මේ වතුර සුවපත් කෙළෙමියි කියාත් තවත් එයින් මරණයවත් වඳවීමවත් නොවන්නේය කියාත් ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.


නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.


මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාදා පටන් අද දක්වා මම අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට අවවාදකර–නුඹලා මාගේ හඬට කීකරුවෙන්නැයි අවවාදකරමින් කීවෙමි.


නුමුත් නුඹලා සබත් දවසේදී මේ නුවර දොරටුවලින් කිසි බරක් නොගෙනෙන හැටියට මට ඇහුම්කන්දී, සබත් දවසේදී කිසිම වැඩක් නොකොට, ඒක ශුද්ධලෙස පැවැත්තුවොත්,


පිටදමනු ලැබූ තැනැත්තිය, මෑ කිසිවෙකු විසින් නොසලකන සියොන්ය කියා නුඹට කියනලද බැවින්, මම නුඹට සනීප ලබාදී, නුඹේ පහර සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මෝසෙස්ද: අනේ දෙවියන්වහන්ස, ඈ සුවකළමැනවයි ස්වාමීන්වහන්සේට හඬගැසීය.


මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.


නුඹ වෙත අන් දෙවියෙක් නොවේවා; විදේශි දෙවියෙකුටද නමස්කාර නොකරව.


නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.


එහෙත් මම එප්‍රායිම්ට ඇවිදින්ට ඉගැන්වීමි; මාගේ අත්වලින් ඔවුන් වඩාගතිමි; එහෙත් ඔවුන්ට සුවකළේ මා බව ඔව්හු නොදැන සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්