ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ගිවිසුමක් කරමින්: අන් දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා, ඔවුන්ට නමස්කාර නොකොට, සේවය නොකොට, පූජා නොකොට,
ද්විතීය නීතිය 6:14 - Sinhala Revised Old Version අන් දෙවිවරුන් වන නුඹලා වටකර සිටින ජාතීන්ගේ දෙවිවරුන් අනුව නොයන්න; Sinhala New Revised Version ඔබ අවට සිටින සෙනඟගේ අනිකුත් දෙවි දේවතාවන්ට ඔබ නමස්කාර නොකළ යුතු ය. Sinhala New Revised Version 2018 ඔබ අවට සිටින සෙනඟගේ අනිකුත් දෙවි දේවතාවන්ට ඔබ නමස්කාර නොකළ යුතු ය. |
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ගිවිසුමක් කරමින්: අන් දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා, ඔවුන්ට නමස්කාර නොකොට, සේවය නොකොට, පූජා නොකොට,
අන් දෙවිවරුන්ට සේවයකිරීමටද ඔවුන්ට නමස්කාරකිරීමටද ඔවුන් පස්සේ නොයන්න, නුඹලාගේ අත්වැඩවලින් මා කෝප නොකරන්න; එවිට මම නුඹලාට අනතුරු නොකරන්නෙමියි කියා එවූසේක.
මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.
විදේශියාටද මවුපියන් නැත්තාටද වැන්දඹුවටද පීඩා නොකර, මේ ස්ථානයෙහි නිදොස් ලේ නොවගුරුවා, නුඹලාටම අන්තරාය සිදුවීමට අන්‍ය දෙවිවරුන් පස්සේ නොගොස් සිටින්නහු නම්,
ශාපය වන්නේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරු නොවී, නුඹලා නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් අද නුඹලාට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය.
නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත්: අන් දෙවිවරුන්ට අපි ගොස් සේවය කරමුයයි නුඹේ මවුගේ පුත්‍රවූ නුඹේ සහෝදරයාවත් නුඹේ පුත්‍රයාවත් නුඹේ දුවවත් නුඹේ ළයෙහි හොත් භාර්යාවවත් නුඹේම ප්‍රාණය වැනිවූ මිත්‍රයාවත් නුඹට රහසින් කියා නුඹ පොළඹවන්ට උත්සාහකරන්නේවී නම්,
තවද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, නුඹලා සැබවින් විනාශ වෙන බවට අද මම නුඹලාට විරුද්ධව සාක්ෂිදෙමි.
මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.