එහෙත් යේහු තමාගේ මුළු සිතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්ට ප්‍රවේසම් නුවූයේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.
ද්විතීය නීතිය 4:29 - Sinhala Revised Old Version එහෙත් එතන සිට නුඹලා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයමින් නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද සොයන්නහු නම් උන්වහන්සේ නුඹට සම්බවනසේක. Sinhala New Revised Version එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. Sinhala New Revised Version 2018 එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. |
එහෙත් යේහු තමාගේ මුළු සිතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්ට ප්‍රවේසම් නුවූයේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.
තවද රජ මඤ්චකය උඩ සිට, ඒ පොතේ ලියා තිබුණ ඒ ගිවිසුමේ වචන ඉෂ්ටකරන පිණිස ස්වාමීන්වහන්සේ අනුව යන ලෙසත් උන්වහන්සේගේ ආඥාද උන්වහන්සේගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පවත්වන ලෙසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේය. මුළු සෙනඟද ගිවිසුමට එකඟවූවෝය.
තවද ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද සොයන්ටත්,
සියලු යූදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක.
ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.
නුමුත් ඔවුන් තමුන්ගේ විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ සෙවූ කල උන්වහන්සේ ඔවුන්ට සම්බවූසේක.
ඔහු තමාගේ දෙවියන්වහන්සේ සොයමින් උන්වහන්සේගේ ගෘහයේ මෙහෙයද ව්‍යවස්ථාවද ආඥාවද සම්බන්ධව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ටකොට සඵලවිය.
එහෙත් නුඹලා මා වෙතට හැරී, මාගේ ආඥා රක්ෂාකරමින්, ඒවා ඉෂ්ටකළොත්, නුඹලාගෙන් සමහරෙක් පන්නාදමනු ලැබ අහසේ කෙළවර සිටියත්, මම ඔවුන් එතැනින් රැස්කර, මාගේ නාමය පිහිටුවන්ට මා විසින් තෝරාගත් ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමියි ඔබ කීසේක.
එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ට පීඩාකළෝය. ඔවුන්ගේ පීඩා කාලයේදී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් ගැළවුම්කාරයන් ඔවුන්ට දුන්සේක.
උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
මේ සියල්ල සිදුවූ නුමුත් ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා ඇගේ මුළු සිතින් නොව බොරුවෙන් මා වෙතට හැරී ආවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
කඩුවෙන් ගැළවුණාවූ තැනැත්තෙනි, නැවතී නොසිට යන්න; දුරදීම ස්වාමීන්වහන්සේ සිහිකොට යෙරුසලම මතක්කරගන්න.
නුඹලාගෙන් ඉතිරි වෙන අය මා වෙතින් අහක්ව ගියාවූ ඔවුන්ගේ වේශ්‍යා සිත්ද තමුන්ගේ දේව රූප පස්සේ වේශ්‍යාකමින් යන ඔවුන්ගේ ඇස්ද මා විසින් බිඳදැම්මාම, ඔවුන් වාලට ගෙනයන ජාතීන් අතරේදී මා සිහිකොට, තමුන්ගේ සියලු පිළිකුල් ක්‍රියාවලින් තමුන් කළාවූ නපුරුකම් නිසා තමුන්ටම පිළිකුල්කරන්නෝය.
එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඉතින් ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේමකිරීමත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත්
ඉදින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද නුඹලාට අණකරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරුවුණොත්,
මේ පනත් හා විනිශ්චයවල් පවත්වන්ට අද දවසේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකරනසේක. එබැවින් ඒවා නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද පවත්වන්ට බලාගන්න.
මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත නුඹට යහපත පිණිස නුඹ කෙරෙහිත් ප්‍රසන්නවනසේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.
එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, උන්වහන්සේට ඇලුම්ව සිට, නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද උන්වහන්සේට සේවය කරන හැටියට ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ ආඥාවද ව්‍යවස්ථාවද රක්ෂාකරන්ට හොඳාකාරයෙන් බලාගන්නැයි කීවේය.
සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: නුඹලාගේ මුළු සිතින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, නුඹලා අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා නුඹලාගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් නුඹලා ගළවාගන්නවා ඇතැයි කීවේය.