Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:145 - Sinhala Revised Old Version

145 මම මුළු සිතින් යාච්ඤාකෙළෙමි; ස්වාමිනි, මට උත්තරදුන මැනව. ඔබගේ පනත් රක්ෂාකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

145 මම මුළු හදවතින් යාච්ඤා කෙළෙමි. සමිඳුනි, මට පිළිතුරු දුන මැනව. ඔබේ අණපණත් මම පිළිපදින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

145 මම මුළු හදවතින් යාච්ඤා කෙළෙමි. සමිඳුනි, මට පිළිතුරු දුන මැනව. ඔබේ අණපනත් මම පිළිපදින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:145
14 හුවමාරු යොමු  

මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව.


නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.


ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.


ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව, මාගේ මොරගැසීම ඔබ වෙතට පැමිණේවා.


නපුරුකම් කරන්නෙනි, මා වෙතින් පහවයව්. මාගේ දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්නෙමි.


මෙසේ ඔබගේ ව්‍යවස්ථාව සදාකල්හිම නිතරම පවත්වන්නෙමි.


ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින් ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත්කළ මැනව.


ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.


හන්නා උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, එසේ නොවේ, මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබීවෙමි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ ආත්මය වැගිරෙවුවෙමි.


ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය.


ඔබගේ පනත් පවත්වන්නෙමි, මා සහමුලින්ම අත් නොහළ මැනව.


මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි. ඔබගේ වචනය පරිද්දෙන් මට කරුණාකළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්