Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:50 - Sinhala Revised Old Version

50 කඩුවෙන් ගැළවුණාවූ තැනැත්තෙනි, නැවතී නොසිට යන්න; දුරදීම ස්වාමීන්වහන්සේ සිහිකොට යෙරුසලම මතක්කරගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කඩුවෙන් ගැළවුණු මාගේ සෙනඟෙනි, දැන් නැවතී නොසිට පලා යන්න. දුර දේශයන්හි නුඹලාගේ සමිඳාණන් සිහිකර ජෙරුසලම අමතක නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කඩුවෙන් ගැළවුණු මාගේ සෙනඟෙනි, දැන් නැවතී නොසිට පලා යන්න. දුර දේශයන්හි නුඹලාගේ සමිඳාණන් සිහිකර ජෙරුසලම අමතක නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:50
24 හුවමාරු යොමු  

කඩුවෙන් ගැළවෙන අය ගණනින් ස්වල්පව, මිසර දේශයෙන් යූදා දේශයට හැරී යන්නෝය; මෙසේ ස්ථිරවෙන්නේ මාගේ වචනයද නොහොත් ඔවුන්ගේ වචනයදැයි මිසර දේශයේ පොරොත්තුව සිටින්ට එහි ගියාවූ ඉතිරි සියලු යූදාවරුන් දැනගන්නවා ඇත.


යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්. නුඹට ප්‍රේමකරන්නෝ දියුණුවන්නෝය.


තවද: මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්නැයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුණේය.


මාගේ සෙනඟ, ඈ මධ්‍යයෙන් පිටවී ගොස් එකිනෙකා තම තමාගේ ප්‍රාණය ස්වාමීන්වහන්සේගේ බලවත් උදහසෙන් ගළවාගන්න.


ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.


බබිලෝනිය කෙරෙන් පලා ගොස් නුඹලා එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න; ඇගේ අයුතුකමෙන් නාස්ති නොවෙන්න. මක්නිසාද මෙය ස්වාමීන්වහන්සේගේ පළිගැනීමේ කාලයය; උන්වහන්සේ ඈට ප්‍රතිඵලදෙනසේක.


බබිලෝනිය ඇතුළෙන් පලාගොස්, කල්දිවරුන්ගේ දේශයෙන් පිටත්වී, රැළට පෙරටුවෙන් යන එළුවන් මෙන් වෙන්න.


නුඹට මං සලකුණු හිටවා, නුඹට මගපෙන්වන කණු සාදාගෙන, මහමාවත වන, නුඹ ගිය මාර්ගය දෙස නුඹේ සිත යොමුකරන්න. ඉශ්‍රායෙල් කන්‍යාව, හැරීඑන්න, නුඹේ මේ නුවරවලට හැරීඑන්න.


යෙරුසලම නුඹ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න.


බබිලෝනියෙන් පිටතට යන්න, කල්දිවරුන් වෙතින් දුවන්න; ප්‍රීතිමත් හඬින් මෙය දන්වා, ප්‍රකාශකර, පොළොවේ කෙළවර දක්වා එය පතළ කරන්න. එනම්: ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවාවූ යාකොබ් මිදූසේක.


නුඹලාගෙන් ඉතිරි වෙන අය මා වෙතින් අහක්ව ගියාවූ ඔවුන්ගේ වේශ්‍යා සිත්ද තමුන්ගේ දේව රූප පස්සේ වේශ්‍යාකමින් යන ඔවුන්ගේ ඇස්ද මා විසින් බිඳදැම්මාම, ඔවුන් වාලට ගෙනයන ජාතීන් අතරේදී මා සිහිකොට, තමුන්ගේ සියලු පිළිකුල් ක්‍රියාවලින් තමුන් කළාවූ නපුරුකම් නිසා තමුන්ටම පිළිකුල්කරන්නෝය.


එකල ඒ මනුෂ්‍යයෝ ඇතුළට වැද, දානියෙල් තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤා හා කන්නලව්කරනවා දුටුවෝය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්