මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබ සදාකාලේටම ඔබට සෙනඟක් කොට ස්ථිරකරගන ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.
ද්විතීය නීතිය 32:6 - Sinhala Revised Old Version අහෝ මෝඩවූ නුවණ නැති ජනයෙනි, නුඹලා ස්වාමීන්වහන්සේට මෙසේ ප්‍රතිඵල දෙන්නහුද? නුඹ මිදූ තැනැන්වහන්සේම නුඹේ පියාණෝ නොවනසේක්ද? උන්වහන්සේම නුඹ සාදා නුඹ පිහිටෙවුසේක. Sinhala New Revised Version අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද? Sinhala New Revised Version 2018 අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද? |
මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබ සදාකාලේටම ඔබට සෙනඟක් කොට ස්ථිරකරගන ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.
ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.
ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.
ඔබ පුරාණ කාලයේදී මිලේට ගත්තාවූ, ඔබගේ උරුම-ගෝත්‍රය වන පිණිස මුදාගත්තාවූ ඔබගේ සභාවද ඔබ විසූ සියොන් කන්දද සිහිකළ මැනව.
භීතිය හා භයංකරය ඔවුන් පිට වැටෙයි; ස්වාමිනි, ඔබගේ සෙනඟ එතරව යන තෙක්ද ඔබ මිලේට ගත් සෙනඟ එතරව යන තෙක්ද ඔබගේ බාහු බලය නිසා ඔව්හු ගලක් මෙන් නිශ්චලව සිටිති.
නුඹ ඵාරාවෝට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–ඉශ්‍රායෙල් මාගේ පුත්‍රයාය, මාගේ කුලුඳුලාය.
ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය.
ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය.
එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.
නුඹ මවා කුසේ පටන් නුඹ සෑදුවාවූ, නුඹට උපකාරකරන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, මා විසින් තෝරාගත් යෙෂුරූන්, භය නොවෙන්න.
මක්නිසාද ඔබ අපේ පියාණෝය, ආබ්‍රහම් අප නොදන්න නුමුත්, ඉශ්‍රායෙල් අප නාඳුනන නුමුත්, ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.
ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය.
මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.
මෝඩවූ තේරුම් නැත්තාවූ, ඇස් තිබෙන නුමුත් නොදකින්නාවූ, කන් තිබෙන නුමුත් නෑසෙන්නාවූ ජනයෙනි, මේක අසන්න:
බිහිකරන ස්ත්‍රියෙකුගේ රුජා ඔහුට පැමිණෙනවා ඇත. ඔහු ප්‍රඥාව නැති පුත්‍රයෙක්ය; මක්නිසාද ඔහු ගර්භාග්‍රයෙහි නොසිටීමෙන් බිහිවන්ට ප්‍රමාදවන්නේය.
පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි නුඹලා අසන්නහුය.
නුඹලා නුඹලාගේ පියාගේ ක්‍රියා කරහුයයි කීසේක. එවිට ඔව්හු: අපි වේශ්‍යාකමින් උපන්නෝ නොවෙමුව; අපට ඇත්තේ එකම පියාණෝය, ඒ දෙවියන්වහන්සේයයි කීවෝය.
දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.
මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.
නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.
මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.
තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.
මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන් නුඹලා මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවාවූ මුළු මාර්ගයෙහිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ උසුලා ගෙනා බව නුඹ දැකලා තිබේ.
නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ දරුවෝය. මළ කෙනෙකු නිසා ශරීරය කපාගැනීමවත් නුඹලාගේ ඇස්බැම අතරේ බූගෑමවත් නොකරන්න.
එහෙත් යෙෂුරූන් තරවී පයින් ගැසීය. නුඹ තරවී ස්ථුලවී තරබාරු වූයෙහිය. එවිට ඔහු තමා සෑදූ දෙවියන්වහන්සේ අත්හැර, තමාගේ ගැළවීමේ පර්වතය සුළුකොට සිතුවේය.
නුමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන්වහන්සේව එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.
අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපටදී වදාළසේක්දැයි බලන්න. අපි එබඳුවෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑඳින්න බැවින්, අපද අඳුනන්නේ නැත.