Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 32:6 - Sinhala New Revised Version

6 අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 අහෝ මෝඩවූ නුවණ නැති ජනයෙනි, නුඹලා ස්වාමීන්වහන්සේට මෙසේ ප්‍රතිඵල දෙන්නහුද? නුඹ මිදූ තැනැන්වහන්සේම නුඹේ පියාණෝ නොවනසේක්ද? උන්වහන්සේම නුඹ සාදා නුඹ පිහිටෙවුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 32:6
39 හුවමාරු යොමු  

ඔබ අපේ පියාණෝ ය; ආබ්‍රහම් අප නොදන්න නමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නමුත්, සමිඳාණෙනි, ඔබ අපේ පියාණෝ ය, අපේ මිදුම්කාරයාණෝ ය. එය අතීතයේ සිට ඔබේ නාමය වේ.


බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති.


එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.


නුඹලා මැවූ සමිඳාණන් වහන්සේ මම ය. උපන් දා සිට ම මම නුඹලාට උපකාර කෙළෙමි. බිය නොවන්න. නුඹලා මාගේ සේවකයෝ ය. මා තෝරාගත්, මා ප්‍රේම කරන, මාගේ සෙනඟ ය.


පෙර කල ඔබට ම තෝරාගත්, උරුම වංශය කරගන්න පිණිස වහල්කමින් මුදාගත්, ඔබේ සෙනඟ සිහි කළ මැනව. ඔබේ නිවාසය වූ සියොන් කන්ද සිහි කළ මැනව.


පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්, තමන් මිදූ සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නෝ ය.


තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස, “අබ්බා, පියාණෙනි,” කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළ සේක.


ඔබ සියල්ලෝ ම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.


ඔබ මිලයකට ගත් අය වන්නහු ය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න.


මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, “අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි.


ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න.


ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; “අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ.


ඔව්හු මාගේ ම සෙනඟ ය; මාගේ මහිමය සඳහා නිර්මාණය කොට, මවා වදාළෙමි.”


තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා! තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!


සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.


ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය.


ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. තමන් මැවූ දෙවිඳුන් අතහැර, විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ.


තවද, පියෙකු තම පුතුන් උසුලාගෙන යන්නාක් මෙන්, මේ ස්ථානය දක්වා එන මුළු මාර්ගය ඔස්සේ ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පාළුකරයේ දී ඔබ උසුලාගෙන පැමිණි අයුරු ඔබ දුටුවහු ය’යි කීවෙමි.


මෝඩ, තේරුම් නැති, ඇස් තිබෙන නමුත් නොදකින, කන් තිබෙන නමුත් නොඅසන ජනයෙනි,


සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.


ගස්වල අතු වියළී කැඩී ගොස් ඇත. ස්ත්‍රීහු ඒවා දරට එකතු කරති. සෙනඟ කිසිවක් තේරුම්ගෙන නැති නිසා, ඔවුන්ගේ මැවුම්කාර දෙවිඳුන් ඔවුන්ට අනුකම්පා කරන්නේ වත්, දයාවපාන්නේ වත් නැත.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ.


සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?


එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.


සමිඳුනි, ඔබට නිගා කළ සතුරන්ගේ අපහාස සිහිකළ මැනව. ඔබේ නාමය ගැරහු අදමිටුන් සිහිකළ මැනව.


ඔබේ දෑතින් මට රූපය දී ඔබ මා මැවූ සේක. ඒ දෑතින් ම දැන් ඔබ මා නසන සේක් ද?


භීතිය හා ත්‍රාසය ඔවුන් පිට ය; ඔබේ සෙනඟ එතෙර වන තෙක්, සමිඳුනි, ඔබ මිල දී ගත් සෙනඟ එතෙර යන තෙක්, ඔබ තෙද බල විකුම් පෑ සේක. ඔව්හු ගස් ගල් මෙන් නිසල ව සිටියහ.


නුඹ ද පාරාවෝට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න: ‘ඉශ්රායෙල් ජනතාව මාගේ කුලුඳුල් පුත්‍ර රත්නය ය.


ඉශ්රායෙල්වරු නැණනුවණ මදි ජාතියකි; ප්‍රඥා හීන සෙනඟකි.


මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්, සදහට ම ඔබට සෙනඟක් වශයෙන් ස්ථිර කරගෙන, සමිඳුනි ඔබ ම ඔවුන්ගේ දෙවියන් වහන්සේ ව සිටින සේක.


ඉශ්රායෙල් වනාහි, බිහි වීමට අවස්ථාව පැමිණ ඇතත්, මවු කුසයෙන් පිටතට නොඑන මෝඩ දරුවෙකු හා සමාන ය. එබැවින් ප්‍රසූත කාලය පැමිණියත් ඔහු බිහි නොවෙයි.


“ඔබ දෙවි සමිඳාණන් වහන්සේගේ දරුවෝ ය. මළවුන් නිසා ඔබ ශරීරය කපා නොගත යුතු ය. ඔබේ නළලට ඉහළින් කෙස් රොද කපා නොගත යුතු ය.


එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “බිය නොවන්න; මම නුඹලා මුදාගතිමි. නුඹලාගේ නම කියා මම හඬගැසීමි. නුඹලා මාගේ ය.


“පුත්‍රයා තමාගේ පියාටත්, මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. මා නුඹලාගේ පියා නම්, නුඹලා මට ගෞරව නොකරන්නේ මන් ද? මා නුඹලාගේ ස්වාමියා නම් මට ගරුබුහුමන් නොදෙන්නේ මන්ද කියා අවමන් කරන පූජකවරුන්ගෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. ‘අප ඔබට අවමන් කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්