ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 24:15 - Sinhala Revised Old Version

ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොර නොගසන පිණිසද එය නුඹට පාපය නොවන පිණිසද ඉර බසින්ට පළමුවෙන් ඔහුගේ දවසේ කුලී ඔහුට දෙන්න; මක්නිසාද ඔහු දිළිඳුය, ඔහුගේ ආශාවද ඒ කෙරෙහි තබා තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉර බැස යාමට පෙර ඔහුගේ දවසේ කුලිය ඔහුට ගෙවිය යුතු ය. ඔහු දිළිඳු නිසා, ඔහු ඒ කුලිය බලාපොරොත්තුවෙන් සිටියි. එසේ නොගෙව්වහොත් ඔහු සමිඳාණන් වහන්සේට මොරගසනු ඇත, එය ඔබට පාපයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉර බැස යාමට පෙර ඔහුගේ දවසේ කුලිය ඔහුට ගෙවිය යුතු ය. ඔහු දිළිඳු නිසා, ඔහු ඒ කුලිය බලාපොරොත්තුවෙන් සිටියි. එසේ නොගෙව්වහොත් ඔහු සමිඳාණන් වහන්සේට මොරගසනු ඇත, එය ඔබට පාපයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 24:15
22 හුවමාරු යොමු  

මාගේ වැඩකාරයාවත් වැඩකාරීවත් මා සමඟ විවාදකරන විට මම ඔවුන්ගේ යුක්තිය නොසලකා ඇරියෙම්නම්,


මාගේ බිම මට විරුද්ධව කෑගසා නම්, එහි සියලු හීවිටි අඬා පැමිණිලි කෙරේනම්,


මනුෂ්‍යයන්ට පෙනෙන ස්ථානයේදී උන්වහන්සේ දුෂ්ටයන් හැටියට ඔවුන්ට පහරදෙනසේක.


පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති; බල ඇත්තන්ගේ හස්තය නිසා මොරගසති.


සෙවණැල්ලට ඉතා ආශාවන්නාවූ මෙහෙකරුවෙකු මෙන්ද, කුලී ලබන්ට බලා ඉන්නාවූ කුලීකාරයෙකු මෙන්ද,


පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට යොමුනොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය.


ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි.


ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින් ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත්කළ මැනව.


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත නම් ඉශ්‍රායෙල් වංශයය, උන්වහන්සේගේ ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ අයුක්තියය; ධර්මිෂ්ඨකම දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ විලාපයය.


තමාගේ ගෙය අධර්මිෂ්ඨකමින්ද තමාගේ උඩුමහල් අයුක්තියෙන්ද ගොඩනගන්නාවූ, තමාගේ අසල්වාසියාට කුලී නොදී නිකමට ඔහුගෙන් වැඩ ගන්නාවූ,


නුඹේ අසල්වාසියාට හිංසා නොකරන්න, ඔහුගෙන් කොල්ල නොකන්න. කුලීකාරයාගේ කුලී පසුවදා උදය වනතුරු රෑ මුළුල්ලේ නුඹ වෙත නොතිබිය යුතුය.


නුඹ වෙත නුඹේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාරකරන්න. විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු නුඹ වෙත වාසයකෙරේවා.


තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


සවස්වූ කල මිදිවත්තේ ස්වාමියා තමාගේ ගබඩාකාරයාට කථාකොට: වැඩකාරයන් කැඳවා අන්තිමයන්ගෙන් පටන්ගෙන පළමුවෙනියන් දක්වා ඔවුන්ට කුලිය දෙන්නැයි කීවේය.


මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරුසාක්ෂි නොකියව, වංචාකම් නොකරව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා නුඹ දන්නෙහියයි කීසේක.


නුඹ මිදීමේ අවුරුද්දවූ සත්වෙනි අවුරුද්ද ළඟයයි කියමින් නුඹේ සිතේ දුෂ්ට කල්පනාවක් හටගෙන, නුඹේ දිළිඳු සහෝදරයාට නොදෙන ලෙස නුඹේ බැල්ම ඔහු කෙරෙහි අප්‍රසන්න වන බැවින් ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොරනොගසන හැටියටත්, එසේ නුඹ පිටට පාපය නොපැමිණෙන හැටියටත් බලාගන්න.


මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ.


බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය.