දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.
ද්විතීය නීතිය 24:14 - Sinhala Revised Old Version නුඹේ සහෝදරයන්ගෙන් හෝ නුඹේ දේශයෙහි නුඹේ නුවර දොරටු තුළෙහි සිටින විදේශීන්ගෙන් හෝ යම් දිළිඳුවූ අසරණවූ කුලීකාරයෙකුට පීඩානොකරන්න. Sinhala New Revised Version “ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය. Sinhala New Revised Version 2018 “ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය. |
දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.
තමාට ලාභය වැඩිකරගන්න පිණිස දිළින්දාට පීඩාකරන්නාද පොහොසතුන්ට දෙන තැනැත්තාද සැබවින්ම හිඟකමට පැමිණෙයි.
නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්‍රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය.
නුඹේ අසල්වාසියාට හිංසා නොකරන්න, ඔහුගෙන් කොල්ල නොකන්න. කුලීකාරයාගේ කුලී පසුවදා උදය වනතුරු රෑ මුළුල්ලේ නුඹ වෙත නොතිබිය යුතුය.
දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති.
සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්නහුය.
තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔවුන් දෙන දෙයක් කමින් බොමින් එම ගෙයිම නැවතී සිටින්න. මක්නිසාද වැඩකාරයා තමාගේ කුලිය ලබන්ට සුදුසුය. ගෙයින් ගෙට නොයන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ යම් නුවරක් තුළ නුඹේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් නුඹ වෙත සිටින්නේ නම්, නුඹ නුඹේ හෘදය දැඩිකරගන්නේවත් නුඹේ දිළිඳු සහෝදරයා වෙතින් නුඹේ අත පියාගන්නේවත් නැතුව,
මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ.