Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 24:14 - Sinhala New Revised Version

14 “ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 “ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුඹේ සහෝදරයන්ගෙන් හෝ නුඹේ දේශයෙහි නුඹේ නුවර දොරටු තුළෙහි සිටින විදේශීන්ගෙන් හෝ යම් දිළිඳුවූ අසරණවූ කුලීකාරයෙකුට පීඩානොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 24:14
15 හුවමාරු යොමු  

සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”


දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.


කෙනෙක් දිළිඳුන් පෙළීමෙන් පොහොසත් වෙති. පොහොසතුන්ට තෑගිබෝග දීමෙන් කෙනෙක් දිළිඳු වෙති.


සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න.


ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙ‍හෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න.


දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;


දිළිඳුන් පාගාදමා, අසරණයන්ට පීඩා කරන, ඔබ මෙයට සවන් දෙන්න.


නුඹ සමඟ වසන අය දෙමව්පියන්ට අවමන් කර ඇත. නුඹ සමඟ සිටින විදේශිකයාට බලහත්කාරයෙන් ක්‍රියා කර ඇත. නුඹ තුළ පියා නැත්තාටත්, වැන්දඹුවටත් පීඩා කර ඇත.


ගොයම් පාගන විට ගවයාගේ කට නොබැඳිය යුතු ය කියා ද, වැඩ කරන්නාට කුලියක් ලැබිය යුතු ය කියා ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් කොට ඇත.


“නුඹලා අසල්වැසියාගෙන් අයුතු ලෙස වාසි නොගත යුතු ය. ඔහුගෙන් කොල්ලකෑම යුතු නැත. කම්කරුවාගේ වේතනය ඔහුට නොදී පසුදා උදේ වන තුරු එය නුඹලා ළඟ තබා නොගත යුතු ය.


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි, ඔබේ වාසල් දොරටු ඇතුළත ඔබේ සහෝදරයන් අතර යම් දිළින්දෙක් සිටී නම්, ඔබේ සිත දැඩි කර නොගෙන, ඒ දිළින්දාට උදව් උපකාර කිරීම ප්‍රතික්ෂේප නොකළ යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්