සාලමොන් ඔහුගේ පියාණන් වෙනුවට රජකොට ආලේපකරනු ලැබූ බව තීර්හි රජවූ හීරාම් අසා තමාගේ සේවකයන් ඔහු වෙතට එවුවේය. මක්නිසාද හීරාම් සෑම කල්හිම දාවිත්ට ස්නේහ ඇත්තෙක් විය.
ද්විතීය නීතිය 20:11 - Sinhala Revised Old Version නුඹට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ නුඹට කප්පන් දෙමින් නුඹට සේවය කළ යුතුය. Sinhala New Revised Version ඒ නුවර වාසීහු ද සාමදානයට කැමැති ව, එහි දොරටු විවෘත කරත් නම්, එහි සිටින සියල්ලන් ම වහලුන් මෙන් ඔබට වහල් සේවය ඉටු කළ යුතු ය. Sinhala New Revised Version 2018 ඒ නුවර වාසීහු ද සාමදානයට කැමැති ව, එහි දොරටු විවෘත කරත් නම්, එහි සිටින සියල්ලන් ම වහලුන් මෙන් ඔබට වහල් සේවය ඉටු කළ යුතු ය. |
සාලමොන් ඔහුගේ පියාණන් වෙනුවට රජකොට ආලේපකරනු ලැබූ බව තීර්හි රජවූ හීරාම් අසා තමාගේ සේවකයන් ඔහු වෙතට එවුවේය. මක්නිසාද හීරාම් සෑම කල්හිම දාවිත්ට ස්නේහ ඇත්තෙක් විය.
ඔහු: නුඹ ඔවුන්ට පහර නොදිය යුතුය; නුඹේ කඩුවෙන්ද නුඹේ දුන්නෙන්ද අල්වාගත් තැනැත්තන්ට නුඹ පහරදෙන්නෙහිද? ඔවුන් කා බී තමුන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන් ඉදිරියෙහි කෑමද වතුරද තබන්නැයි කීවේය.
එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.
ඒ නුවර වනාහි නුඹ සමඟ සමාදාන වෙන්ට අකැමැතිව නුඹට විරුද්ධව යුද්ධකරන්නේ නම් නුඹ ඒක වටලන්න.
ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.
අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.
ඔව්හු: අපි නුඹවහන්සේගේ දාසයෝයයි යෝෂුවාට කීවෝය. යෝෂුවාද: නුඹලා කවුරුද? කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
ඔව්හු උත්තරදෙමින්: නුඹවහන්සේගේ දාසයෝවූ අපි නුඹවහන්සේගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිසා බොහෝ දුර රටකින් ආවෙමුව. මක්නිසාද උන්වහන්සේගේ කීර්තියද උන්වහන්සේ විසින් මිසරයෙහි කළ සියල්ලද,
ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නුමුත් ඔවුන් සහමුලින් පන්නානොදැමුවෝය.