Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 1:28 - Sinhala Revised Old Version

28 ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නුමුත් ඔවුන් සහමුලින් පන්නානොදැමුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 1:28
9 හුවමාරු යොමු  

මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය.


එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය.


දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.


කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය; එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය.


ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමාගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නේයයි කීය.


තවද ඔහු: ෂෙම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා; කානාන් ඔහුට දාසයෙක් වේවා.


නුඹට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ නුඹට කප්පන් දෙමින් නුඹට සේවය කළ යුතුය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් ශක්තිමත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට පත් කළෝය, එහෙත් ඔවුන් සහමුලින් පන්නා නොදැමූහ.


ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්