එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,
ද්විතීය නීතිය 2:14 - Sinhala Revised Old Version අපි ශෙරෙද් ඔයෙන් එතරවීමු. අප කාදෙෂ්-බර්නේය කෙරෙන් පිටත්වී ශෙරෙද් ඔයෙන් එතරව යුද්ධකාරයන්ගේ මුළු පරම්පරාව ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ ලෙස සෙනඟ අතරෙන් නැතිවී යන තුරු ගතවුණු කාලය තිස් අට අවුරුද්දක්ය. Sinhala New Revised Version කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය. Sinhala New Revised Version 2018 කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය. |
එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,
තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.
ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක:
මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.
සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර,
එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ ලෙස අපි හොරේබ්හි සිට ගමන් ගෙන අමෝරිවරුන්ගේ කඳුකරයට යන මාර්ගයෙන් නුඹලා දුටු ඒ මහත්වූ භයංකරවූ මුළු කාන්තාරය මැදින් ගොස් කාදෙෂ්-බර්නේයට පැමිණියෙමු.
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වැඩ සියල්ලෙහිදී නුඹට ආශීර්වාදකළසේක. නුඹ මේ මහත් කාන්තාරය මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේක. මේ සතළිස් අවුරුද්දක්ම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වූසේක. නුඹට කිසි හිඟයක් නොවීයයි කියන්නැයි කීසේක.
ඔවුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල උන්වහන්සේ නුඹලාටත් මිසරවරුන්ටත් අතරේ අන්ධකාරය තබා, මුහුද ඔවුන් පිටට පමුණුවා, ඔවුන් වසාදැමූසේක; මා විසින් මිසරයේදී කළ දේ නුඹලාගේ ඇස්වලින් දුටුවහුය. ඇරත් කාන්තාරයෙහි නුඹලා බොහෝ දවස් වාසයකළහුය.
යෝෂුවා විසින් චර්මඡේද්‍යය කළ කාරණය මේය: මිසරයෙන් ආවාවූ සියලු පිරිමි එනම් සියලු යුද්ධ සෙනඟ මිසරයෙන් ආවාට පසු මගදී කාන්තාරයෙහි මිය ගියෝය.
මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය.
ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි.