Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 10:5 - Sinhala Revised Old Version

5 එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකළ සේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි දී විනාශ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 එසේ වුව ද, ඔවුන් වැඩි දෙනකු දෙවියන්වහන්සේට ප්‍රසන්න වූයේ නැත. ඔවුහු කාන්තාරයේ හෙළා දමනු ලැබූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකළ සේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි දී විනාශ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 10:5
16 හුවමාරු යොමු  

තවද උන්වහන්සේ සතළිස් අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව්කළාවූ, තමුන්ගේ මළකඳන් කාන්තාරයේ වැටුණාවූ තැනැත්තන් කෙරෙහි නොවේද?


ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි.


එනම් දේශය ගැන නරක ප්‍රවෘත්තියක් ගෙනාවාවූ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වසංගතයෙන් මාරුණැහ.


එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,


එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.


ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.


මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්,


අපි ශෙරෙද් ඔයෙන් එතරවීමු. අප කාදෙෂ්-බර්නේය කෙරෙන් පිටත්වී ශෙරෙද් ඔයෙන් එතරව යුද්ධකාරයන්ගේ මුළු පරම්පරාව ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ ලෙස සෙනඟ අතරෙන් නැතිවී යන තුරු ගතවුණු කාලය තිස් අට අවුරුද්දක්ය.


මිසර දේශයේ කාන්තාරයේදී මම නුඹලාගේ පියවරුන් සමඟ විනිශ්චයට පැමුණුණාක්මෙන් නුඹලා සමඟත් විනිශ්චයට පැමිණෙන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්