ද්විතීය නීතිය 12:16 - Sinhala Revised Old Version නුමුත් ලේ නොකා එය වතුර මෙන් භූමිය පිට වත්කරන්න. Sinhala New Revised Version එහෙත්, ඔබ සතුන්ගේ ලේ කෑමට ගත යුතු නොවේ. බිම වතුර වත් කරන්නාක් මෙන් එය බිමට වත් කළ යුතු ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ සතුන්ගේ ලේ කෑමට ගත යුතු නොවේ. බිම වතුර වත් කරන්නාක් මෙන් එය බිමට වත් කළ යුතු ය. |
මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ලේ පිටින් කන්නාවූ, නුඹලාගේ ඇස් නුඹලාගේ රූපවලට ඔසවන්නාවූ,ලේ වගුරුවන්නාවූ නුඹලාට දේශය භුක්තිවිඳින්ට ලැබේද?
නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.
රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.
ඌද නුඹේ දොරටු ඇතුළතදී කන්න. මුව මස්ද ගෝන මස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් එකාකාරයෙන් එය කන්ට පුළුවන.
දෙවියන්වහන්සේ මැවූ සියල්ල යහපත්ය, ස්තුතිදීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයිදෙයක්වත් එපාකරන්ට යුතු නැත.
එවිට: සෙනඟ ලේ පිටින් කෑමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කරතියි කියා සාවුල්ට දන්වනලද්දේය. ඔහුද: නුඹලා ද්‍රෝහි ලෙස ක්‍රියාකළහුය. අද මා ළඟට මහත් ගලක් පෙරළා ගෙන එන්නැයි කීවේය.