Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:16 - Sinhala New Revised Version

16 එහෙත්, ඔබ සතුන්ගේ ලේ කෑමට ගත යුතු නොවේ. බිම වතුර වත් කරන්නාක් මෙන් එය බිමට වත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එහෙත්, ඔබ සතුන්ගේ ලේ කෑමට ගත යුතු නොවේ. බිම වතුර වත් කරන්නාක් මෙන් එය බිමට වත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 නුමුත් ලේ නොකා එය වතුර මෙන් භූමිය පිට වත්කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:16
15 හුවමාරු යොමු  

එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය.


එහෙත් උගේ ලේ නොගත යුතු ය. වතුර වත් කරන්නාක් මෙන් උගේ ලේ බිමට වත් කළ යුතු ය.”


දෙවියන් වහන්සේ මවා ඇති සියල්ල ම යහපත් ය. ස්තුතිවන්ත ව පිළිගන්නවා නම්, කිසිවක් ප්‍රතික්ෂේප නොකළ යුතු ය.


රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.


“යමක ලේ තිබිය දී නුඹලා එය කෑමට නොගත යුතු ය. නුඹලා අනවින සහ නිමිති නොසැලකිය යුතු ය.


මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් ඔබේ වාසල් දොරටු ඇතුළත දී පවිත්‍ර වූ ද අපවිත්‍ර වූ ද සෑම කෙනෙකුට ම උගේ මස් කෑ හැකි ය.


සෙනඟ කොල්ලය පිට කඩා පැන, බැටළුවන් ද හරකුන් ද වස්සන් ද අරගෙන බිම දමා මරා, ලේ පිටින් ම කෑවෝ ය.


එවිට, “සෙනඟ ලේ පිටින් ම කෑම කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරති”යි සාවුල්ට දන්වන ලද්දේ ය. ඔහු ද පිළිතුරු දෙමින් “ඔබ ද්‍රෝහි ලෙස ක්‍රියා කළහු ය. මා ළඟට මහ ගලක් පෙරළාගෙන එන්නැ”යි කීවේ ය.


කුමක් නිසා ද, වගුළ ලේ තවමත් නගරයෙහි ම ඇත. ඈ ඒ ලේ පස්වලින් වැසී යන්න පොළොව පිට නොවගුරුවා පස් නැති පර්වත උඩ වැගිරෙව්වා ය.


“එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: ‘ලේ පිටින් මස් කන, රූපවලට නමස්කාර කරන, ලේ වගුරුවන, නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?


නුඹ තෙල වත්, ලෙය වත් කෑමට නොගත යුතු ය. නුඹ වාසය කරන්නේ කොතැනක වේවා, මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්