Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 15:29 - Sinhala Revised Old Version

29 මේවායින් නුඹලා වලකින්නහුනම් නුඹලාට යහපත වන්නේය. නුඹලාට ශුභසිද්ධවේවා යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 එනම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔබ වැළකී සිටිය යුතුයි; මේවායින් ඔබ දුරු වී සිටින්නේ නම්, ඔබ කරන්නේ හරි දේයි; “සෙත් වේවා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 15:29
20 හුවමාරු යොමු  

රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.


නුමුත් අදහාගන සිටින අන්‍යජාතීන් ගැන නම්, ඔවුන් රූපවලට පුදනලද දෙයින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද වැලකී සිටින ලෙස අපිම නියම කර ලියා ඇරියෙමුයයි කීවෝය.


නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය, එනම්, තමාම අනාගතවක්ත්‍රියෙකැයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශබෙල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද දේවතා රූපවලට පූජාකළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුළාකරන්නීය.


එහෙත් දේවතා රූපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ.


මක්නිසාද සියලුම මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය, එය පණ හා සමානය. එබැවින් කිසි මාංසයක ලේ නොකෑයුතුයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි. මක්නිසාද සියලු මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය; එය කන කවරෙක් නුමුත් සිඳදමනු ලබන්නේය.


ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ,


මාගේ පිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න.


අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.


ඉක්මන්වී කිසිවෙකු කෙරෙහි අත් නොතබන්න, අනුන්ගේ පාපවලට පංගුකාරයෙක්ද නොවෙන්න.


ඉතින් සහෝදරයෙනි, සුවසේ සිටින්න. සම්පූර්ණවෙන්න; සැනසී සිටින්න; එක්සිත්වෙන්න; සමාදානයෙන් සිටින්න. එකල ප්‍රේමයේ හා සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ වනසේක.


තවද මම නුඹලා ළඟ සිටියදී හිඟවූ කල කිසිවෙකුට බරක් නොවීමි; මක්නිසාද සහෝදරයෝ මකිදෝනියෙන් ආ කල මාගේ හිඟකම පිරිමැසුවෝය. සියලු කාරණාවලදී නුඹලාට බරක් නොවී සිටියෙමි, එසේම සිටින්නෙමි.


ඔවුන්ට ආචාරකොට: දෙවියන්වහන්සේ කැමතිසේක් නම් නුඹලා ළඟට නැවත එන්නෙමියි කියා එපීසයෙන් නැව් නැගුණේය.


තවත් කෙනෙක්ද: ස්වාමිනි, ඔබ අනුව එන්නෙමි; නුමුත් පළමුකොට මාගේ ගෙදර සිටින්නන්ගෙන් අවසර ගෙන එන්ට මට ඉඩදුන මැනවයි කීවේය.


නුමුත් ඒ මනුෂ්‍යයාට විරුද්ධව උපායක් යොදන්ට යන බව මට දන්වන්ට යෙදුණු බැවින් එවේලේම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධව තිබෙන දේවල් ඔබ ඉදිරියේ කියන්ට වරද තබන්නන්ට අණකෙළෙමි යනුයි.


නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය.


නුමුත් ලේ නොකා එය වතුර මෙන් භූමිය පිට වත්කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්