දෙවියන්වහන්සේට මම මෙසේ කියන්නෙමි: මා වරදට පත් නොකළ මැනව; කුමක් නිසා මා සමඟ විවාදකරනසේක්දැයි මට දැන්නුව මැනව.
යෝබ් 33:13 - Sinhala Revised Old Version උන්වහන්සේට විරුද්ධව නුඹ විවාද කරන්නේ මක්නිසාද? උන්වහන්සේ වනාහි තමන්ගේ කිසි කාරණයක් ගැන උත්තර නොදෙනසේක. Sinhala New Revised Version එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද? එතුමන්ගේ තර්කවලට කාට මූණ දිය හැකි ද? Sinhala New Revised Version 2018 එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද? එතුමන්ගේ තර්කවලට කාට මූණ දිය හැකි ද? |
දෙවියන්වහන්සේට මම මෙසේ කියන්නෙමි: මා වරදට පත් නොකළ මැනව; කුමක් නිසා මා සමඟ විවාදකරනසේක්දැයි මට දැන්නුව මැනව.
මක්නිසාද මා දුෂ්ටයෙක් නොවන බවද ඔබගේ අතින් මුදන්ට පුළුවන් කිසිකෙනෙක් නැති බවද ඔබ දන්න නුමුත්,
දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට නුඹට පුළුවන්ද? සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට නුඹට පුළුවන්ද?
පොරට සිටින්නා සර්වපරාක්‍රමයාණන්වහන්සේ සමඟ විවාදකරන්නේද? දෙවියන්වහන්සේ සමඟ විවාද කරන්නා ඊට උත්තරදෙවයි කීසේක.
උන්වහන්සේ අල්ලාගන්න කල උන්වහන්සේ වලක්වන්නේ කවුද? ඔබ මක්කරනවාදැයි උන්වහන්සේට කියන්ට පුළුවන් කාටද?
එසේවී නම් මම උන්වහන්සේට උත්තර දෙමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට මාගේ වචන තෝරාගන්නේ කොහොමද?
දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,
තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! නුඹ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුඹ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද?
මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.
අහෝ බබිලෝනිය, මම නුඹට මලපතක් තැබීමි, නුඹද නොදැනුවත්ව අසුවුණෙහිය. නුඹ ස්වාමීන්වහන්සේට විරුද්ධව යුද්ධකළ නිසා නුඹ අසුවී, අල්ලනලද්දේය.
මා විසින් නුඹ සමඟ ක්‍රියාකරන දවස්වලදී නුඹේ සිත ස්ථිරව නොහොත් නුඹේ අත් බලවත්ව තිබේද? ස්වාමීන්වහන්සේ වන මම ඒ දේ කීමි, එලෙසම කරන්නෙමි.
පොළොවේ සියලු වැසියෝ කිසිත් නොවන්නාක් මෙන් සලකනු ලබන්නෝය. උන්වහන්සේ ස්වර්ගයේ සේනාව සහ පොළොවේ වැසියන් අතර තමන් කැමැති ලෙස කරනසේක. උන්වහන්සේගේ අත නවත්වන්ටවත්: ඔබ කුමක් කරනසේක්දැයි උන්වහන්සේට කියන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නැත.
මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරුදැයි කීවේය.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.
නුමුත් ඒක දෙවියන්වහන්සේගෙන් වී නම්, ඔවුන් පරාජය කරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධකරන්නහුවන්ට පුළුවනැයි කීවේය.
නුමුත්, අනේ මනුෂ්‍යය, දෙවියන්වහන්සේට විරුද්ධව උත්තරදෙන්නාවූ නුඹ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද?
රහස්වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එළිදරව්කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය.