යෝබ් 21:5 - Sinhala Revised Old Version මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න. Sinhala New Revised Version මට සවන් දෙන්න; එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය. Sinhala New Revised Version 2018 මට සවන් දෙන්න; එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය. |
අවංක මිනිස්සු මේ ගැන විස්මිත වෙති, නිර්දෝෂ තැනැත්තා අභක්තිකයාට විරුද්ධව ඇවිස්සී සිටින්නේය.
ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය.
උන්වහන්සේ බොහෝ ජාතීන්ට ඉසිනවා ඇත; රජවරු උන්වහන්සේ නිසා තමුන්ගේ මුඛ වසාගන්නවා ඇත. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත, ඔවුන් නොඇසූ දේ තේරුම්ගන්නවා ඇත.
ජාතීන් දැක තමුන්ගේ මුළු බලවන්තකම ගැන ලජ්ජාවට පත්ව, අතින් කට වසාගන්නවා ඇත, ඔවුන්ගේ කන් බිහිරි වෙනවා ඇත.
අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!
ඔව්හුද: නිශ්ශබ්දව අතින් කට වසාගන අප සමඟ ගොස් අපට පියෙක්ද පූජකයෙක්ද වෙන්න. නුඹට වඩා හොඳ කෝකද–එක මනුෂ්‍යයෙකුගේ පවුලට පූජකයෙක් වීමද නොහොත් ඉශ්‍රායෙල් ගෝත්‍රයකටත් පෙළපතකටත් පූජකව සිටීමදැයි ඔහුට කීවෝය.