එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.
යෝබ් 20:8 - Sinhala Revised Old Version ඔහු හීනයක් මෙන් පහවී ගොස් නොපෙනී යන්නේය. රාත්‍රියේ දර්ශනයක් මෙන් පන්නනු ලබන්නේය. Sinhala New Revised Version ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි; රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි. Sinhala New Revised Version 2018 ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි; රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි. |
එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.
භයානකකම් ජලයන් මෙන් ඔහු පිටට පැමිණෙන්නේය; රාත්‍රියේදී කුණාටුවක් ඔහු පැහැරගෙන යන්නේය.
ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද? මම ඉක්මනින් ධූලියෙහි නිදන්නෙමි, ඔබ මා බොහෝසේ සොයන නුමුත් මම නොසිටින්නෙමියි කීවේය.
උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.
යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි, ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක.
අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.
ඔබ සැඩපාරකින් මෙන් ඔවුන් ගෙනයනසේක; ඔව්හු නින්දක් මෙන්ය. උදය කාලයේදී ඔව්හු වැඩෙන්නාවූ තණකොළ සමානවෙති.