මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
යෙරෙමියා 7:12 - Sinhala Revised Old Version එහෙත් පළමු මා විසින් මාගේ නාමය තැබූ ෂීලෝහිවූ මාගේ ඉඩමට ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න. Sinhala New Revised Version මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න. Sinhala New Revised Version 2018 මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න. |
මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
මම මේ ගෘහය ෂීලෝ මෙන් කරන්නෙමි, මේ නුවරද පොළොවේ සියලු ජාතීන්ට ශාප-වාක්‍යයක් කරන්නෙමියි කියන්න.
මාගේ නාමය තබා තිබෙන්නාවූ, නුඹලා විශ්වාසය තැබූ ගෘහයටත් මා නුඹලාට සහ නුඹලාගේ පියවරුන්ට දුන්නාවූ ස්ථානයටත් මම ෂිලෝට කළ ලෙස කරන්නෙමි.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.
යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.
මෙලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ මණ්ඩපය ෂිලෝහි තිබුණු මුළු කාලයෙහි මීකාගේ කැපූ රූපය පිහිටුවාගෙන සිටියෝය.
ඒ මනුෂ්‍යයා ෂිලෝහිදී සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම ගියේය. එහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝවූ හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියෝය.
ඕතොමෝ: දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ හෙයින් තේජස ඉශ්‍රායෙල් කෙරෙන් පහව ගියේයයි කීවාය.