Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 18:10 - Sinhala Revised Old Version

10 යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 18:10
24 හුවමාරු යොමු  

ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන් කළාවූ පියාණන්වහන්සේට ස්තුතිකරමින්ද, නුඹලා ස්වාමීන්වහන්සේට ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව.


උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.


නුඹලා දේශය සත් කොටසකට බෙදා සටහන්කරගන, මෙහි මා ළඟට එන්න. මම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා වෙනුවට මෙහිදී පස ඇට දමන්නෙමි.


ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි කීසේක.


ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස, පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙවුව මැනව.


උන්වහන්සේ කුරුසියෙහි ඇණගැසූ පසු ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් දාදුදමා බෙදාගත්තෝය.


ඉශ්‍රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පසඇට දමා බෙදිය යුතුවූ දේශය ඒකය, ඔවුන්ගේ කොටස් ඒවායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹලාටත් නුඹලා අතරේ වාසයකරන්නාවූ, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පසඇට දමා බෙදාගන්න; ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශීන් මෙන් නුඹලා සමඟ සිටිත්වා; නුඹලා සමඟ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි පසඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේය.


පසඇටය තරඟය නවත්වා, බලවතුන් අතරේ බේරුම්කරයි.


මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක. ඔබගේ නාමය කෙරෙහි භය ඇත්තන්ගේ උරුමය මට දුන්සේක.


උන්වහන්සේ තමන්ට ප්‍රියවූ යාකොබ්ගේ මහිමය නැමැති අපේ උරුමය අප සඳහා තෝරාදෙනසේක.


පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද ෂීලෝහිදී සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පසඇට දමා බෙදාදුන් උරුමවල් මේවාය. මෙසේ ඔව්හු දේශය බෙදා නිමකළෝය.


ඒ මනුෂ්‍යයෝ පිටත්ව ගියෝය. යෝෂුවා දේශයේ සටහනක් ගැනීමට පිටත්ව යන අයට අණකරමින්: නුඹලා ගොස් ඒ දේශයෙහි ඇවිද ඒක සටහන්කරගන මා ළඟට හැරී එන්න, මම මෙහිදී ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පස ඇට දමන්නෙමියි කීවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් සතකට බෙදා, නුවරවල ප්‍රකාරයට පොතක සටහන්කරගන, ෂීලෝහි කඳවුරේ යෝෂුවා ළගට ආවෝය.


බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ කොටස ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ කොටසේ පළාත යූදා පුත්‍රයන්ට හා යෝසෙප් පුත්‍රයන්ටත් අතරේ නියමවුණේය.


එහෙත් පළමු මා විසින් මාගේ නාමය තැබූ ෂීලෝහිවූ මාගේ ඉඩමට ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.


එබැවින් ස්වාමීන්වහන්සේගේ සභාවෙහි පසඇට දැමීමෙන් ලනුවක් අදින කෙනෙක් නුඹට නොසිටින්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් පස ඇට දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කරමින් දේශය බෙදුවෝය.


ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා නුඹලාට බෙදාදුනිමි.


දෙගොල්ල ගැනම එකට පසඇට දමා බෙදුවෝය; මක්නිසාද ශුද්ධස්ථානයේ අධිපතියොත් දෙවියන්වහන්සේගේ අධිපතියොත් එලෙයාසර් පුත්‍රයන් අතරේ සහ ඊතාමාර් පුත්‍රයන් අතරේත් වූහ.


තවද සෙනඟගේ අධිපතීහු යෙරුසලමෙහි වාසයකළෝය. අනික් සෙනඟ තමුන් අතරෙන් දසදෙනෙකුගෙන් එක්කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන යෙරුසලමෙහි වාසයකිරීමට එවන පිණිස පසඇට දැමුවෝය, නව කොටසක් අනික් නුවරවල වාසයකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්