Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 7:14 - Sinhala Revised Old Version

14 මාගේ නාමය තබා තිබෙන්නාවූ, නුඹලා විශ්වාසය තැබූ ගෘහයටත් මා නුඹලාට සහ නුඹලාගේ පියවරුන්ට දුන්නාවූ ස්ථානයටත් මම ෂිලෝට කළ ලෙස කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 7:14
28 හුවමාරු යොමු  

මේක ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාව යයි කියන බොරු වචන විශ්වාස නොකරන්න.


පසුව ඇවිත්, මාගේ නාමය තබා තිබෙන මේ ගෘහයේදී මා ඉදිරියෙහි සිට: අපි ගැළවුණෙමුයයි කියන්නේ මේ සියලු පිළිකුල්කම් කරන පිණිසද?


මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයන් අතරේ තමන් පිහිටෙවු කූඩාරම වන ෂීලෝහි මණ්ඩපය අත්හැරදමා,


ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනිලෑවේය, ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවාදැමුවේය.


නුඹේ මුළු දේශයෙහි තිබෙන්නාවූ නුඹ විශ්වාසය තැබූ නුඹේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලාගන්නෝය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් නුඹේ මුළු දේශයෙහි තිබෙන නුඹේ සියලු නුවර දොරටුවලදී ඔව්හු නුඹ වටලාගන්නෝය.


බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.


රත්රන් අඳුරුවී තිබෙන හැටි! පවිත්‍ර රත්රන් වෙනස්වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු වීථි සන්ධිවල විසුරුවා තිබේ.


ස්වාමීන්වහන්සේ තමන් පූජාසනය අහකදැමූසේක, තමන් ශුද්ධස්ථානය පිළිකුල්කළසේක, ඇගේ මාළිගාවල පවුරු සතුරා අතට පාවාදුන්සේක. මංගල්‍ය දවසකදී මෙන් ඔව්හු ස්වාමීන්වහන්සේ ගෘහයෙහි ශබ්ද පැවැත්තුවෝය.


යූදාහි රජවූ හෙසකියාගේ දවස්වලදී මොරෂ්තිය මීකායා අනාගතවාක්‍ය කියමින් යූදාහි මුළු සෙනඟට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද මෙන් වෙනවා ඇතැයි කීවේය.


එහෙත් පළමු මා විසින් මාගේ නාමය තැබූ ෂීලෝහිවූ මාගේ ඉඩමට ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.


අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.


මෙපමණ උසස්ව තිබෙන මේ ගෘහය ළඟින් යන සියල්ලෝ විස්මයට පත්ව: ස්වාමීන්වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මක්නිසා මෙසේ කළසේක්දැයි අසන්නෝය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.


මම නුඹලා සහමුලින්ම මතක නැතිකර දමන්නෙමි, නුඹලා සහ නුඹලාගේ පියවරුන්ට මා විසින් දුන් නුවරද මා ඉදිරියෙන් පහකරදමා,


නුඹේ සහෝදරීගේ මාර්ගයෙහි නුඹ ගිය බැවින් ඇගේ කුසලාන නුඹේ අතට දෙමි.


මාගේ ගෘහය අත්හැරියෙමි, මාගේ උරුමය පහකර දැමීමි; මාගේ ආත්මයේ ප්‍රේමවන්තිය ඇගේ සතුරන් අතට භාර දුනිමි.


නුඹ ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසිරෙන හැටියටත් මා අලුයම් වේලේ පටන් නුඹලා ළඟට එවන්නාවූ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්