Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 26:6 - Sinhala Revised Old Version

6 මම මේ ගෘහය ෂීලෝ මෙන් කරන්නෙමි, මේ නුවරද පොළොවේ සියලු ජාතීන්ට ශාප-වාක්‍යයක් කරන්නෙමියි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එවිට, මම ෂිලෝවට කළ දේ මේ දේව මාලිගාවටත් කරන්නෙමි. ලොවේ සියලු ජාතීන් මේ නගරයේ නම සාපවචනයක් වශයෙන් ව්‍යවහාර කිරීමට සලසන්නෙමි.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එවිට, මම ෂිලෝවට කළ දේ මේ දේව මාලිගාවටත් කරන්නෙමි. ලොවේ සියලු ජාතීන් මේ නගරයේ නම සාපවචනයක් වශයෙන් ව්‍යවහාර කිරීමට සලසන්නෙමි.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 26:6
20 හුවමාරු යොමු  

එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.


පාළුවක්ද ශාපයක්ද වේය කියා මා විසින් මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් විරුද්ධව කියා තිබෙන කාරණා නුඹ ඇසූ විට නුඹේ සිත මෘදුවී, නුඹ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී, නුඹේ ඇඳුම් ඉරාගන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් නුඹට ඇහුම්කන්දුන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එනම් යෙරුසලමටත් යූදාහි නුවරවලටත් එහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් අද දවසේ පෙනෙන ලෙස ඔවුන් පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද කරන පිණිස පෙවුවෙමි.


නුඹලාගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට නුඹලා තබා යන්නහුය, ස්වාමිවූ දෙවියන්වහන්සේ නුඹ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත.


මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය.


එසේය, සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ ව්‍යවස්ථාව කඩකොට ඔබගේ හඬට කීකරු නොවන ලෙස අහක්ව ගියෝය. මෙසේ අප උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින්, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ශාපයද දිවුරුමද අප කෙරෙහි වගුරුවා තිබේ.


එසේ නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසාත් නුඹලා කළ පිළිකුල්කම් නිසාත් ස්වාමීන්වහන්සේට තවත් ඉවසන්ට බැරි විය; එබැවින් නුඹලාගේ දේශය, අද තිබෙන හැටියට වැසියෙක් නැතුව පාළුවක්ද විස්මයක්ද ශාප-වචනයක්ද වී තිබේ.


මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, නුඹලා මිසරයට පැමුණුණාම නුඹලා පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. නුඹලා ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය නුඹලා තවත් දකින්නෙත් නැතැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


බබිලෝනියේ දාසව සිටින සියලුම යූදාවරුන්ද බබිලෝනියේ රජු විසින් ගින්නෙන් පිළිස්සුවාවූ ශෙදෙකියාටත් අහාබ්ටත් ස්වාමීන්වහන්සේ නුඹ සමානකරනසේක්වයි කියා ඔවුන් ගැන ශාප-වචනයක් ව්‍යවහාරකරනවා ඇත.


එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.


එවිට ඔහු මට කථාකොට: මේක දේශය මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය. මක්නිසාද එහි මේ පැත්තේ ලියා තිබෙන හැටියට, සොරකම්කරන සියල්ලෝ පහකරනු ලබන්නෝය; එහි අනිත් පැත්තේ ලියා තිබෙන හැටියට බොරුවට දිවුරන සියල්ලෝද පහකරනු ලබන්නෝයයි කීය.


මම කඩුවද සාගතයද වසංගතයද ඇතුව ඔවුන් පස්සේ එළවාගෙන ගොස්, පොළොවේ සියලු රාජ්‍යවල ඔබමොබ විසුරුවනු ලැබීමටත් මා විසින් ඔවුන් පන්නාදමනලද සියලු ජාතීන් අතරේ ශාප වචනයක්ද විස්මයක්ද කවටකමක්ද නින්දාවක්ද වීමටත් ඔවුන් පාවා දෙන්නෙමි.


මග යන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පුඩිගසති; ඔව්හු පරිහාසකොට, යෙරුසලම් දුවට විරුද්ධව තමුන්ගේ හිස්වනමින්: පරම අලංකාරකමය, මුළු පොළොවට ප්‍රීති හේතුවයයි කී නුවර මේකදැයි කියති.


නුඹේ සියලු සතුරෝ නුඹට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති; අපි ඈ නටබුන්කෙළෙමුව, සැබවින්ම අප බලා සිටි දවස මේය; අපි ඊට පැමිණ දුටිමුයයි කියති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්