Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 7:12 - Sinhala New Revised Version

12 මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එහෙත් පළමු මා විසින් මාගේ නාමය තැබූ ෂීලෝහිවූ මාගේ ඉඩමට ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 7:12
13 හුවමාරු යොමු  

එවිට, මම ෂිලෝවට කළ දේ මේ දේව මාලිගාවටත් කරන්නෙමි. ලොවේ සියලු ජාතීන් මේ නගරයේ නම සාපවචනයක් වශයෙන් ව්‍යවහාර කිරීමට සලසන්නෙමි.’ “


ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය.


දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ හෙයින්, “ඉශ්රායෙල් කෙරෙන් තේජස පහ ව ගියේ ය”යි ඈ කීවා ය.


මීකා විසින් සාදන ලද වාත්තු රූපය ඔව්හු පිහිටුවාගත්හ. දෙවියන් වහන්සේගේ මණ්ඩපය ෂිලෝහි තිබුණ තාක් කල් එය එහි තිබුණේ ය.


එල්කානා ෂිලෝහි දී සියලු බලැති සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නත්, පූජා කරන්නත් අවුරුදු පතා ඔහුගේ නගරයෙන් නික්ම ගියේ ය. එහි සමිඳාණන් වහන්සේගේ පූජකයන් වූ හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියහ.


තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.


ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.


ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.


ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි.


මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්