යෙරෙමියා 44:28 - Sinhala Revised Old Version කඩුවෙන් ගැළවෙන අය ගණනින් ස්වල්පව, මිසර දේශයෙන් යූදා දේශයට හැරී යන්නෝය; මෙසේ ස්ථිරවෙන්නේ මාගේ වචනයද නොහොත් ඔවුන්ගේ වචනයදැයි මිසර දේශයේ පොරොත්තුව සිටින්ට එහි ගියාවූ ඉතිරි සියලු යූදාවරුන් දැනගන්නවා ඇත. Sinhala New Revised Version එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත. Sinhala New Revised Version 2018 එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත. |
මක්නිසාද, ඉශ්‍රායෙල්, නුඹේ සෙනඟ මුහුදේ වැලි මෙන් වුණත්, ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් හැරී එනවා ඇත. දිව්‍ය සාධාරණකම හොඳ හැටි දක්වන්නාවූ නාස්තියක් නියමකර තිබේ.
මිසරයෙහි පොරොත්තුව සිටින පිණිස එහි යන්ට තමුන්ගේ මුහුණු හරවාගන්න සියලු මනුෂ්‍යයෝම කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින්නෝය. මා විසින් ඔවුන් පිටට පමුණුවන විපත්තිය නිසා ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන්නේය.
මම යෙරුසලමට දඬුවම්කළාක්මෙන් මිසර දේශයෙහි වාසයකරන්නන්ටත් කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද දඬුවම් කරන්නෙමි.
මිසර දේශයෙහි පොරොත්තුව සිටින්ට ගිය ඉතිරි යූදාවරුන් යූදා දේශයෙහි විසීමට හැරීඑන්ට ආශාවෙන් සිටින්නේවී නුමුත්, ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නේය; සැඟවී යන අය මිස වෙන කිසිවෙක් හැරී නොඑන්නේයයි කීය.
මාගේ වචන විපත්තිය පිණිස නුඹලා කෙරෙහි සැබවින්ම ස්ථිරවෙන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේදී මා නුඹලාට දඬුවම්කරන බවට නුඹලාට ලැබෙන ලකුණ මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
කඩුවෙන් ගැළවුණාවූ තැනැත්තෙනි, නැවතී නොසිට යන්න; දුරදීම ස්වාමීන්වහන්සේ සිහිකොට යෙරුසලම මතක්කරගන්න.
එසේවී නුමුත් දේශවල නුඹලා විසුරුවනු ලබන කල, නුඹලාගෙන් සමහරෙක් කඩුවෙන් ගැළවී ජාතීන් අතරේ සිටින පිණිස කොටසක් ඉතිරිකරන්නෙමි.
නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.
නුමුත් මෝසෙස් කථාකර: සඵලයක් නොවන බව දැනගනත් නුඹලා මෙසේ ස්වාමීන්වහන්සේගේ අණ කඩකරන්නේ මක්නිසාද?