Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 44:14 - Sinhala Revised Old Version

14 මිසර දේශයෙහි පොරොත්තුව සිටින්ට ගිය ඉතිරි යූදාවරුන් යූදා දේශයෙහි විසීමට හැරීඑන්ට ආශාවෙන් සිටින්නේවී නුමුත්, ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නේය; සැඟවී යන අය මිස වෙන කිසිවෙක් හැරී නොඑන්නේයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මිසර දේශයෙහි පදිංචි වන පිණිස පැමිණි ජුදාහි ඉතිරි වූ සෙනඟගෙන් කිසිවෙක් ගැළවෙන්නේ වත්, ඉතිරිවන්නේ වත් නැත. කෙතරම් ආශා වෙතත්, කිසිවෙකුට ආපසු ජුදා දේශයට පැමිණෙන්නට හැකි වන්නේ නැත. පලා යන සමහරුන් හැර අන් කිසිවෙක් හැරී නොඑන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මිසර දේශයෙහි පදිංචි වන පිණිස පැමිණි ජුදාහි ඉතිරි වූ සෙනඟගෙන් කිසිවෙක් ගැළවෙන්නේ වත්, ඉතිරිවන්නේ වත් නැත. කෙතරම් ආශා වෙතත්, කිසිවෙකුට ආපසු ජුදා දේශයට පැමිණෙන්නට හැකි වන්නේ නැත. පලා යන සමහරුන් හැර අන් කිසිවෙක් හැරී නොඑන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 44:14
16 හුවමාරු යොමු  

තවද යෙසායා මොරගසා ඉශ්‍රායෙල් ගැන කියන්නේ: ඉශ්‍රායෙල් දරුවන්ගේ ගණන මුහුදේ වැලිමෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය.


මිසරයෙහි පොරොත්තුව සිටින පිණිස එහි යන්ට තමුන්ගේ මුහුණු හරවාගන්න සියලු මනුෂ්‍යයෝම කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින්නෝය. මා විසින් ඔවුන් පිටට පමුණුවන විපත්තිය නිසා ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන්නේය.


ඒ දවසෙහි ඉශ්‍රායෙල්ගෙන් ඉතිරිවන්නාවූ, යාකොබ්ගේ වංශයෙන් ගැළවෙන්නාවූ අය තමුන්ට පහරදුන් අය කෙරෙහි තවත් පිහිටා නොසිට, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙහි සැබෑකමින් පිහිටා සිටිනවා ඇත.


ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ඒ දවසේ ස්වාමීන්වහන්සේගේ පැළෑටියද අලංකාරව දීප්තිමත් වන්නේය, දේශයේ ඵල උතුම්ව ශෝභන වන්නේය.


පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?


එබඳු දේ කරන්නන් විනිශ්චයකරමින් එම දේ කරන මනුෂ්‍යය, නුඹ දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ගැළවෙන්නෙහියයි සිතන්නෙහිද?


සර්පයෙනි, පොළොංවංශයෙනි, නුඹලා නිරයේ දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද?


ඉතින් නුඹලා කලක් නවතින්ට යන්ට ආශාවෙන්නාවූ ස්ථානයේදී නුඹලා කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින බව සැබවින්ම දැනගන්නැයි කීවේය.


මැරුණු කෙනෙකු ගැන නාඬන්න, ශෝක නොවෙන්න. අහක්ව යන්නාවූ අය ගැන තදින් අඬන්න; මක්නිසාද ඔහු තවත් හැරී නොඑන්නේය, තමා උපන් දේශයද තවත් නොදකින්නේය.


එසේවී නුමුත් දේශවල නුඹලා විසුරුවනු ලබන කල, නුඹලාගෙන් සමහරෙක් කඩුවෙන් ගැළවී ජාතීන් අතරේ සිටින පිණිස කොටසක් ඉතිරිකරන්නෙමි.


එබැවින් මිසර දේශයෙහි වසන සියලු යූදාවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න: මුළු මිසර දේශයෙහි සිටින යූදාවරුන්ගෙන් කිසිවෙකුට–ස්වාමිවූ දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය තමාගේ මුඛයෙන් තවත් සඳහන් කරන්ට නොලැබේය කියා මාගේ මහත් නාමයෙන් දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද මට විරුද්ධව කැරළිගසන්නන්ද ද්‍රෝහිකම්කරන්නන්ද මම නුඹලාගෙන් වෙන්කොට ඔවුන් පොරොත්තුව සිටින දේශයෙන් පිටකරන්නෙමි, නුමුත් ඔව්හු ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්