Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 6:8 - Sinhala Revised Old Version

8 එසේවී නුමුත් දේශවල නුඹලා විසුරුවනු ලබන කල, නුඹලාගෙන් සමහරෙක් කඩුවෙන් ගැළවී ජාතීන් අතරේ සිටින පිණිස කොටසක් ඉතිරිකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 6:8
17 හුවමාරු යොමු  

එහෙත් එහි පුත්‍රයන්ද දූවරුන්ද ස්වල්ප දෙනෙක් ඉතිරිවී පිටතට පමුණුවනු ලබන්නෝය. ඔව්හු නුඹලා ළඟට පිටත්ව එන්නෝය, නුඹලා ඔවුන්ගේ මාර්ගයද ඔවුන්ගේ ක්‍රියාද දැක, මා විසින් යෙරුසලම පිටට පැමිණෙවු විපත්තිය, එනම් මා විසින් ඒ පිටට පැමිණෙවු සියල්ල ගැන සැනසෙනවා ඇත.


එහෙත් මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ගළවා ඉතිරිකරන්නෙමි; මෙසේ කරන්නේ ඔවුන් පැමිණෙන දේශවල ජාතීන් අතරේදී ඔවුන් තමුන්ගේ සියලු පිළිකුල්කම් ප්‍රකාශකරන පිණිසය; මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීවේය.


කඩුවෙන් ගැළවෙන අය ගණනින් ස්වල්පව, මිසර දේශයෙන් යූදා දේශයට හැරී යන්නෝය; මෙසේ ස්ථිරවෙන්නේ මාගේ වචනයද නොහොත් ඔවුන්ගේ වචනයදැයි මිසර දේශයේ පොරොත්තුව සිටින්ට එහි ගියාවූ ඉතිරි සියලු යූදාවරුන් දැනගන්නවා ඇත.


මිසර දේශයෙහි පොරොත්තුව සිටින්ට ගිය ඉතිරි යූදාවරුන් යූදා දේශයෙහි විසීමට හැරීඑන්ට ආශාවෙන් සිටින්නේවී නුමුත්, ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නේය; සැඟවී යන අය මිස වෙන කිසිවෙක් හැරී නොඑන්නේයයි කීය.


පසුව දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක්මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයයයි කීසේක.


මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් නුඹ විසුරුවාදැමූ තැන්වල සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත්, නුඹ තීන්දුවටම නැතිනොකර, නිසි ප්‍රමාණයෙන් නුඹට දඬුවම්කරන්නෙමි, නුමුත් නුඹට අච්චුනොකර නොසිටින්නෙමි.


එහෙත් ඔවුන් අතරෙන් ගැළවෙන අය ගැළවී ගොස්, සියල්ලෝ එකිනෙකා තම තමාගේ අයුතුකම නිසා මිටියාවත්වල පරෙවියන් මෙන් කෙඳිරිගාමින් කඳුවල සිටින්නෝය.


නුඹෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මියන්නේය, ඔව්හු සාගතයෙන් නුඹ තුළ නැතිවන්නෝය; තුනෙන් කොටසක් නුඹ අවටින් කඩුවෙන් වැටෙනවා ඇත; තුනෙන් කොටසක්ද මම දස දෙස විසුරුවාදමා, ඔවුන් පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


එම්බා මාගේ සේවකයාවූ යාකොබ්, මා නුඹ සමඟ සිටින නිසා භය නොවන්න. මක්නිසාද මා විසින් නුඹ විසුරුවාදැමූ සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත් මම නුඹ තීන්දුවටම නැති නොකර, මදලෙස නුඹට දඬුවම් කරන්නෙමි; නුමුත් නුඹට කොහෙත්ම අච්චු නොකර නොසිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද යෙසායා මොරගසා ඉශ්‍රායෙල් ගැන කියන්නේ: ඉශ්‍රායෙල් දරුවන්ගේ ගණන මුහුදේ වැලිමෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය.


එබැවින් නුඹ තුළ පියවරු පුත්‍රයන්ද පුත්‍රයෝ තමුන්ගේ පියවරුන්ද කන්නාහ; මම නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකොට, නුඹේ ඉතිරි සියල්ලන් දස දෙස විසුරුවාදමන්නෙමි.


නුඹලා අතරෙහි මැරුම්කෑවුන් වැටෙනවා ඇත, මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


අහෝ ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ දෙය සිහිකළ මැනව. එනම්: නුඹලා ද්‍රෝහිකම්කළොත් මම නුඹලා ජාතීන් අතරේ විසුරුවන්නෙමි.


මම නුඹ තුළ යටහත්වූ දිළිඳුවූ සෙනඟක් ඉතිරිකරන්නෙමි, ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසය තබන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්