Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 44:28 - Sinhala New Revised Version 2018

28 එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 කඩුවෙන් ගැළවෙන අය ගණනින් ස්වල්පව, මිසර දේශයෙන් යූදා දේශයට හැරී යන්නෝය; මෙසේ ස්ථිරවෙන්නේ මාගේ වචනයද නොහොත් ඔවුන්ගේ වචනයදැයි මිසර දේශයේ පොරොත්තුව සිටින්ට එහි ගියාවූ ඉතිරි සියලු යූදාවරුන් දැනගන්නවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 44:28
20 හුවමාරු යොමු  

මිසර දේශයෙහි පදිංචි වන පිණිස පැමිණි ජුදාහි ඉතිරි වූ සෙනඟගෙන් කිසිවෙක් ගැළවෙන්නේ වත්, ඉතිරිවන්නේ වත් නැත. කෙතරම් ආශා වෙතත්, කිසිවෙකුට ආපසු ජුදා දේශයට පැමිණෙන්නට හැකි වන්නේ නැත. පලා යන සමහරුන් හැර අන් කිසිවෙක් හැරී නොඑන්නෝ ය.”


ඉතිරි වන්නේ, ළමයෙකුට වුව ද ගණන් කළ හැකි ගස් ස්වල්පයක් පමණකි.”


ඔවුන් දැන් නැති වුවත් මාගේ මෙහෙකරු දිවැසිවරුන් මඟින් මා ප්‍රකාශ කළ මාගේ වචනත්, නියෝගත් නුඹලාගේ මුතුන්මිත්තන් කෙරෙහි බලපෑවේ නැද් ද?” ඒ නිසා ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන, “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉටාගත් පරිදි අපේ කල්ක්‍රියාව අනුව අපට දඬුවම් කළ සේකැ”යි කීවෝ ය.


නුඹලාගේ විපත ප්‍රකාශ කළ මාගේ වචනය සැබැවින් ම ස්ථීර වන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේ දී මා නුඹලාට දඬුවම් කරන බවට ලකුණ මෙය වේ. ස්වාමීන් වන මම නුඹලාට කියමි.


එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමාණන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය.


අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.”


එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “දැන් ඉතින් ඔබේ සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? ඔබේ වෑයම නිෂ්ඵල වේ.


දැනට ඉශ්රායෙල්හි සෙනඟ මුහුදේ වැලි මෙන් වන නමුත්, ආපසු එන්නේ ඉතිරි කුඩා පිරිසක් පමණකි. සාධාරණ විනිශ්චය ලෙස සෙනඟට විනාශය නියම වී ඇත.


මිසරයෙහි ජීවත් ව සිටින පිණිස එහි යන්නට අදිටන් කරගන්න සියලු ම මිනිස්සු කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන විපත්තියෙන් ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නෝ ය.


මම ජෙරුසලමට දඬුවම් කළ පරිදි මිසර දේශයෙහි වාසය කරන්නන්ටත් කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කඩුවෙන් ගැළවුණු මාගේ සෙනඟෙනි, දැන් නැවතී නොසිට පලා යන්න. දුර දේශයන්හි නුඹලාගේ සමිඳාණන් සිහිකර ජෙරුසලම අමතක නොකරන්න.


“එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්