ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 42:5 - Sinhala Revised Old Version

ඔව්හුද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ලවා අපට කියා එවන සියලුම කාරණාවල හැටියට අප විසින් නොකළොත් ස්වාමීන්වහන්සේ අප අතරේ සැබෑවූ විශ්වාසවූ සාක්ෂිකාරයෙක් වනසේක්වා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔව්හු ජෙරමියා අමතා, “ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ මඟින් අපට අණ කරන සියල්ල අප නොපිළිපැද්දොත් සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව සැබෑ විශ්වාසී සාක්ෂිකාරයෙක් වන සේක් වා!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ඔව්හු ජෙරමියා අමතා, “ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ මඟින් අපට අණ කරන සියල්ල අප නොපිළිපැද්දොත් සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව සැබෑ විශ්වාසී සාක්ෂිකාරයෙක් වන සේක් වා!

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 42:5
17 හුවමාරු යොමු  

ඉදින් නුඹ මාගේ දූවරුන්ට පීඩාකළොත්, මාගේ දූවරුන් ඇර තව භාර්යාවන් පාවාගත්තොත්, කිසි මනුෂ්‍යයෙක් අප සමඟ නැතත්, බලව, දෙවියන්වහන්සේ මා සහ නුඹ අතරේ සාක්ෂි වනසේකැයි කීවේය.


මෝසෙස්ට කථාකොට: ඔබ අප සමඟ කථාකළ මැනවි, අපි අසන්නෙමුව. දෙවියන්වහන්සේ අප සමඟ කථානොකරනසේක්වා, කථාකළොත් අප නසිනවා ඇතැයි කීවෝය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.


සැබවින් නුඹලාගේම ප්‍රාණවලට විරුද්ධව නුඹලා ප්‍රයෝග කළහුය; මක්නිසාද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප උදෙසා යාච්ඤාකර, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ලේ හැටියට අපට දන්වන්න, අපි ඒක කරන්නෙමුව කියා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නුඹලා මා යැවුවහුය.


හෝෂායාගේ පුත්‍රවූ අසරියාද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද උඩඟුවූ සියලු මනුෂ්‍යයෝද යෙරෙමියාට කථාකොට: නුඹ බොරු කියන්නෙහිය. මිසරයෙහි පොරොත්තුව සිටීමට එහි යන්ට එපායයි කියන්ට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එවුවා නොව,


මෙසේ කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද සේනාවල සියලු අධිපතීහුද මුළු සෙනඟද යූදා දේශයෙහි සිටින පිණිස ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවූහ.


ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා ඔවුන් කියන නුමුත් සැබවින් ඔව්හු බොරුවට දිවුරති.


ජනයෙනි, නුඹලා සියල්ලෝ අසන්න; පොළොව සහ එහි ඇති සියල්ල, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධවූ මාළිගාවේ සිට නුඹලාට විරුද්ධව සාක්ෂිකාර වනසේක්වා.


එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.


තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


මාගේ යාච්ඤාවලදී කඩ නැතුව නුඹලා සඳහන්කරමින්, දැන්වත් යම් අන්දමකින් නුඹලා වෙතට එන්ට දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් මාර්ගයක් සැලසෙන ලෙස නිතරම ඉල්ලන බවට,


විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,


තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ආමෙන් නමැත්තාවූ, විශ්වාස සැබෑ සාක්ෂිකාරවූ, දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.


ගිලියද් වැඩිමහල්ලෝ: ස්වාමීන්වහන්සේ අප අතරේ සාක්ෂි වනසේක; සැබවින් නුඹේ වචනය ලෙස අපි කරන්නෙමුයයි යෙප්තාට කීවෝය.


ඔහුද: නුඹලාට මා අත වරදක් සම්බනූණු බවට ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේද අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂිකාරයෝ ව සිටිතියි ඔවුන්ට කීවේය. ඔව්හුද: උන්වහන්සේ සාක්ෂියයි කීවෝය.


යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.