Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 31:50 - Sinhala Revised Old Version

50 ඉදින් නුඹ මාගේ දූවරුන්ට පීඩාකළොත්, මාගේ දූවරුන් ඇර තව භාර්යාවන් පාවාගත්තොත්, කිසි මනුෂ්‍යයෙක් අප සමඟ නැතත්, බලව, දෙවියන්වහන්සේ මා සහ නුඹ අතරේ සාක්ෂි වනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 නැවත ඔහු කතා කොට, “ඔබ මාගේ දූවරුන්ට වෙනස්කම් කළොත්, ඔබ මාගේ දූවරුන්ට අමතර ව වෙන භාර්යාවන් පාවාගතහොත්, කිසිවෙකු අප සමඟ නොසිටියත් දෙවියන් වහන්සේ ඔබත් මාත් අතර සාක්ෂිකාරයාණන් බව සිහි කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 නැවත ඔහු කතා කොට, “ඔබ මාගේ දූවරුන්ට වෙනස්කම් කළොත්, ඔබ මාගේ දූවරුන්ට අමතර ව වෙන භාර්යාවන් පාවාගතහොත්, කිසිවෙකු අප සමඟ නොසිටියත් දෙවියන් වහන්සේ ඔබත් මාත් අතර සාක්ෂිකාරයාණන් බව සිහි කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:50
12 හුවමාරු යොමු  

ඔව්හුද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ලවා අපට කියා එවන සියලුම කාරණාවල හැටියට අප විසින් නොකළොත් ස්වාමීන්වහන්සේ අප අතරේ සැබෑවූ විශ්වාසවූ සාක්ෂිකාරයෙක් වනසේක්වා.


මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දුෂ්ටකම් කොට තමුන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරයකළෝය, මා විසින් ඔවුන්ට අණ නොකළ වචන බොරුවට මාගේ නාමයෙන් කීවෝය; නුමුත් මම දනිමි, මම සාක්ෂිකාර වෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ජනයෙනි, නුඹලා සියල්ලෝ අසන්න; පොළොව සහ එහි ඇති සියල්ල, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධවූ මාළිගාවේ සිට නුඹලාට විරුද්ධව සාක්ෂිකාර වනසේක්වා.


ගිලියද් වැඩිමහල්ලෝ: ස්වාමීන්වහන්සේ අප අතරේ සාක්ෂි වනසේක; සැබවින් නුඹේ වචනය ලෙස අපි කරන්නෙමුයයි යෙප්තාට කීවෝය.


මක්නිසාද නුඹලා දන්නා හැටියට අප විසින් කිසිකලක ඉච්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත–දෙවියන්වහන්සේ සාක්ෂිය.


තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.


ඔහුද: නුඹලාට මා අත වරදක් සම්බනූණු බවට ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේද අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂිකාරයෝ ව සිටිතියි ඔවුන්ට කීවේය. ඔව්හුද: උන්වහන්සේ සාක්ෂියයි කීවෝය.


නුඹේ භාර්යාව ජීවත්ව සිටියදී විරුද්ධකම් හටගන්න හැටියට, ඈ හැර ඇගේ සහෝදරීත් නග්නභාවය හරින පිණිස පාවානොගන්න.


තවද ලාබන්: මා සහ නුඹ අතරේ මා සිටෙවූ මේ ගොඩත් මේ කණුවත් බලන්න.


දැන් පවා මාගේ සාක්ෂිය ස්වර්ගයෙහිය; මාගේ සාක්ෂිකාරයාද උසස්ථානයෙහි සිටියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්