Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 42:4 - Sinhala Revised Old Version

4 එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා: නුඹලා කී දේ ඇසීමි; මම නුඹලාගේ වචනවල හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට, ස්වාමීන්වහන්සේ නුඹලාට උත්තරදෙන කාරණා සියල්ලම නුඹලාගෙන් කිසිවක් නොසඟවා නුඹලාට දන්වන්නෙමියි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට දිවැසිවර ජෙරමියා, “ඔබ හැම කී දේ ඇසීමි; ඔබේ ඉල්ලීම අනුව ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කොට, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිළිතුර කිසිවක් නොසඟවා ඔබට දන්වන්නෙමි”යි ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට දිවැසිවර ජෙරමියා, “ඔබ හැම කී දේ ඇසීමි; ඔබේ ඉල්ලීම අනුව ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කොට, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිළිතුර කිසිවක් නොසඟවා ඔබට දන්වන්නෙමි”යි ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 42:4
13 හුවමාරු යොමු  

ඔබගේ ධර්මිෂ්ඨකම මාගේ සිත තුළෙහි සඟවා නොගතිමි; ඔබගේ විශ්වාසකම හා ගැළවීම ප්‍රකාශකෙළෙමි. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් මහත් සභාවෙන් නොසැඟවීමි.


ඇරත් මා විසින් නුඹලා උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය නුඹලාට උගන්වන්නෙමි.


මෝසෙස්ද: බැලුව මැනවි, මම ඔබ කෙරෙන් ගොස් මැසි රංචු ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් වෙතින්ද ඔහුගේ සෙනඟ වෙතින්ද හෙට දවසේ පහවයන ලෙස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්නෙමි. නුමුත් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට නොහරින ලෙස ඵාරාවෝ තවත් වංචා ලෙස ක්‍රියානොකෙරේවයි කීය.


ප්‍රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින්,


ස්වප්නයක් දුටු ප්‍රොපේත තෙම ස්වප්නයක් කියාවා; මාගේ වචනය ඇත්තා මාගේ වචනය විශ්වාස ලෙස කියාවා; ධාන්‍ය සමඟ පිදුරු තිබෙන්ට යුතුකම මොකදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


සහෝදරයෙනි, ඔවුන් උදෙසා මාගේ සිතේ ආශාවත් දෙවියන්වහන්සේට කරන කන්නලව්වත් නම් ඔවුන් ගැළවෙන පිණිසය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


ඔවුන් ඉතා කැරළිකාර බැවින් ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියන්න.


ස්වාමීන්වහන්සේ කුමන උත්තරයක් දුන්සේක්ද? ස්වාමීන්වහන්සේ කුමක් කීසේක්ද යන අන්දමෙන් නුඹලා එකිනෙකාටත් තම තමාගේ සහෝදරයාටත් කියන්න.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්