මක්නිසාද ප්‍රඥාවන්තයන් මැරී යන බවත්, අඥානයාද අල්ප බුද්ධි ඇත්තාද යන දෙදෙනාම විනාශවෙන බවත්, ස්වකීය ධනය අනුන්ට තබා යන බවත් ඔහු දක්නේය.
ගීතාවලිය 94:8 - Sinhala Revised Old Version සෙනඟ අතරේ මෝඩයෙනි, කල්පනාකරව්. ආඥානයෙනි, නුඹලා කවදා ඥානවන්තවන්නහුද? Sinhala New Revised Version මෝඩයෙනි, තියුණු නැණනුවණ ලබාගැන්මට ඉගෙනගන්න: ආඥානයෙනි, ඔබ කවර දා නැණවත්හු වන්නහු ද? Sinhala New Revised Version 2018 මෝඩයෙනි, තියුණු නැණනුවණ ලබාගැන්මට ඉගෙනගන්න: ආඥානයෙනි, ඔබ කවර දා නැණවත්හු වන්නහු ද? |
මක්නිසාද ප්‍රඥාවන්තයන් මැරී යන බවත්, අඥානයාද අල්ප බුද්ධි ඇත්තාද යන දෙදෙනාම විනාශවෙන බවත්, ස්වකීය ධනය අනුන්ට තබා යන බවත් ඔහු දක්නේය.
එනම් නුවණ නැත්තෙනි, නුඹලා අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද?
ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.