ගීතාවලිය 9:4 - Sinhala Revised Old Version මක්නිසාද ඔබ මාගේ කාරණයද යුක්තියද ඉෂ්ටකළසේක; ඔබ ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරමින් සිංහාසනයෙහි වැඩහුන්සේක. Sinhala New Revised Version සාධාරණ විනිසකරුනි, සිහසුන් අරා ඔබ වැඩ හිඳින සේක; මා ගැන නඩුව අසා මට යුක්තිය ඉටු කළ සේක. Sinhala New Revised Version 2018 මාගේ සාධාරණ පැමිණිල්ල අසා මට යුක්තිය ඉෂ්ට කළ සේක; ඔබ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරමින් සිංහාසනයෙහි වැඩහුන් සේක. |
දෙවියන්වහන්සේ ජාතීන් කෙරෙහි රජකම්කරනසේක. දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයෙහි වැඩහිඳිනසේක.
මක්නිසාද උන්වහන්සේ එනසේක; පොළොව විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චයකරනසේක.
මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ලෝකය ධර්මිෂ්ඨකමින්ද මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින්ද විනිශ්චයකරනසේක.
ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චයකරනසේක. ස්වකීය මුඛය නැමති යෂ්ටියෙන් පොළොවට පහරදී, තමන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරනසේක.
උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළසේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය භාරදුන්සේක.