Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 9:4 - Sinhala New Revised Version 2018

4 මාගේ සාධාරණ පැමිණිල්ල අසා මට යුක්තිය ඉෂ්ට කළ සේක; ඔබ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරමින් සිංහාසනයෙහි වැඩහුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සාධාරණ විනිසකරුනි, සිහසුන් අරා ඔබ වැඩ හිඳින සේක; මා ගැන නඩුව අසා මට යුක්තිය ඉටු කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මක්නිසාද ඔබ මාගේ කාරණයද යුක්තියද ඉෂ්ටකළසේක; ඔබ ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරමින් සිංහාසනයෙහි වැඩහුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 9:4
10 හුවමාරු යොමු  

සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.


උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක.


එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.


මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.


සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය; තිර පෙම හා සත්‍යය ඔබ කරන සියල්ලෙහි වේ.


දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක.


සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”


සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.


ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්