ගීතාවලිය 47 - Sinhala Revised Old Versionපොළොවේ රජවූ දෙවියන්වහන්සේ 1 සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අත්පොළසන්දෙව්; ජයනාදයෙන් දෙවියන්වහන්සේට හඬනගව්. 2 මක්නිසාද මහෝත්තමවූ ස්වාමීන්වහන්සේ භයංකරය; උන්වහන්සේ මුළු පොළොව කෙරෙහි මහත් රජෙක් වනසේක. 3 උන්වහන්සේ අපට මනුෂ්‍ය වර්ගයන්ද අපේ පාදවලට ජාතීන්ද යටත්කර දෙනසේක. 4 උන්වහන්සේ තමන්ට ප්‍රියවූ යාකොබ්ගේ මහිමය නැමැති අපේ උරුමය අප සඳහා තෝරාදෙනසේක. 5 දෙවියන්වහන්සේ ජයඝෝෂාවක් ඇතුව නැගී ගියසේක, ස්වාමීන්වහන්සේ හොරණෑ ශබ්දයක් ඇතුව නැගී ගියසේක. 6 දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. අපේ රජ්ජුරුවන්ට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. 7 මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්. 8 දෙවියන්වහන්සේ ජාතීන් කෙරෙහි රජකම්කරනසේක. දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයෙහි වැඩහිඳිනසේක. 9 ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේගේ සෙනඟ වන පිණිස, මනුෂ්‍ය වර්ගයන්ගේ අධිපතීහු රැස්ව සිටිති. මක්නිසාද පොළොවේ පලිස් දෙවියන්වහන්සේට අයිතිය; උන්වහන්සේ අතිශයින් උසස්ව සිටිනසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society