Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 140:12 - Sinhala Revised Old Version

12 ස්වාමීන්වහන්සේ පීඩිතයාගේ කාරණයත් දිළිඳාගේ යුක්තියත් ඉෂ්ටකරන බව දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 140:12
16 හුවමාරු යොමු  

මක්නිසාද ඔබ මාගේ කාරණයද යුක්තියද ඉෂ්ටකළසේක; ඔබ ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරමින් සිංහාසනයෙහි වැඩහුන්සේක.


ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කරමින්,


ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා ඔවුන්ට යුක්තිය කළමැනව.


අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.


ඔහු අසරණයාගේද දිළින්දාගේද නඩුව ඇසුවේය; එවිට ශුභසිද්ධවූයේය. මා ඇඳිනගැනීම නම් ඒක නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ අසරණයන්ගේ යාච්ඤාව සැලකූසේක, ඔවුන්ගේ යාච්ඤාව හෙළා නොදැක්කසේක.


ස්වාමීන්, දුප්පතා ඔහුට වඩා බල වන්තයාගෙන් මුදන්නාවූ, දුප්පතා හා දිළිඳා කොල්ලකාරයාගෙන් ගළවන්නාවූ ඔබ සමාන කවරේදැයි මාගේ ඇට සියල්ලෙන් කියවෙන්නේය.


ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චයකරනසේක. ස්වකීය මුඛය නැමති යෂ්ටියෙන් පොළොවට පහරදී, තමන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරනසේක.


දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න.


උන්වහන්සේ සෙනඟ අතරෙහි වූ දුප්පතුන් විනිශ්චයකරන්නේය, දිළිඳුන්ගේ දරුවන් ගළවන්නේය, පීඩාකරන්නා කැබලිකරන්නේය.


මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක; ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක; ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක.


අපේ දිවෙන් ජයගන්නෙමුව; අපේ තොල් අපේමය; අපට ස්වාමියා කවුදැයි කියන්නාවූ


චාටු සහිත මුඛ සහ මහත් කාරණා කියන දිවද ස්වාමීන්වහන්සේ කපාහරිනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්