මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.
ගීතාවලිය 7:10 - Sinhala Revised Old Version මාගේ පලිහ අවංක සිත් ඇත්තන් ගළවන දෙවියන්වහන්සේ සමඟය. Sinhala New Revised Version දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක; අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක. Sinhala New Revised Version 2018 දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක; අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක. |
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.
සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.
ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භයවී ඔබගේ මාර්ගවල හැසිරෙන පිණිස,
නුඹ පිරිසිදුව අවංකව සිටින්නෙහි නම්, සැබෑවටම දැන් නුඹ උදෙසා උන්වහන්සේ පිබිද, නුඹේ ධර්මිෂ්ඨකමේ නිවාසය සමාදානයෙන් වර්ධනයකරනසේක.
මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.
මක්නිසාද අපේ පලිහ ස්වාමීන්ටත් අපේ රජ්ජුරුවන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේටත් අයිතිය.
වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක.
ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය.
එහෙත්, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන්නාවූ, හෘදයත් සිතත් විමසන්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මම මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි.
ස්වාමීන්වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාගකොට, අදහස් සෝදිසිකරමි.