ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 41:2 - Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ ඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් වන්නේය; ඔහුගේ සතුරන්ගේ කැමැත්තට ඔහු භාර නුදුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 41:2
16 හුවමාරු යොමු  

මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා භාර නුදුන මැනව. මක්නිසාද බොරු සාක්ෂිකාරයෝද කෲරකමින් තර්ජනකරන්නෝද මට විරුද්ධව නැගිට සිටිති.


දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ.


මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය.


කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.


තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.


දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.


ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය; එසේය, ඇගේ අත් දිළින්දා වෙතට දිගුකරන්නීය;


එහෙත් මම ඒ දවසේදී නුඹ ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ භයව සිටින මනුෂ්‍යයන් අතට නුඹ අසුවන්නේ නැත.


එවිට ලෙවීයයාට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් නුඹේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා; මෙසේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ කරන නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹට ආශීර්වාදකරනවා ඇත.


මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.


ඇගේ නැන්දා: නුඹ අද ඇහින්දේ කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, නුඹ ගැන සැලකූ අයට ආශීර්වාදවේවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඈ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නම්වූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය.