Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 33:19 - Sinhala Revised Old Version

19 දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 33:19
13 හුවමාරු යොමු  

ඔව්හු විපත්ති කාලයේදී ලජ්ජා නොවන්නෝය. දුර්භික්ෂ දවස්වලදී තෘප්තියට පැමිණෙන්නෝය.


ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක.


මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.


උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.


නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.


ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.


මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක.


පේතෘස් සිහි ලැබ කථාකොට: ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවා හෙරොද්ගේ අතින්ද යුදෙව් සෙනඟගේ මුළු බලාපොරොත්තුවෙන්ද මා මිදූ බව දැන් සැබවින් දනිමියි කීවේය.


තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.


උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට කෑම දුන්සේක. උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදාකල්ම සිහිකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්