Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 41:2 - Sinhala New Revised Version

2 සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ස්වාමීන්වහන්සේ ඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් වන්නේය; ඔහුගේ සතුරන්ගේ කැමැත්තට ඔහු භාර නුදුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 41:2
16 හුවමාරු යොමු  

මාගේ එදිරිකරුවන්ගේ අභිප්‍රායවලට මා පාවා නුදුන මැනව. බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති.


මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි.


හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති.


දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.


එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සියලු වැඩ කටයුතුවල දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”


නයෝමි ඇයට කතා කරමින්, “ඔබ අද කරල් ඇහුලුවේ කොහේ ද? ඔබ වැඩ කෙළේ කාගේ කෙතක ද? ඔබ ගැන සැලකූ මිනිසාට ආශීර්වාද වේ වා!”යි කීවා ය. එවිට රූත් කාගේ කෙතක තමා එදා වැඩ කළා දැ යි දන්වමින්, “මා අද වැඩ කෙළේ, බෝවස් නම් මිනිසෙකුගේ කෙතක යැ”යි කීවා ය.


කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය.


කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.


දිළිඳුන්ට දෙන්නා සමිඳුන්ට ණයට දෙයි, පසු ව සමිඳාණෝ ඔහුට වැඩි වැඩියෙනුත් දෙන සේක.


ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත; එය යාචකාදීන් වෙත විදහා ඇත.


එහෙත්, ස්වාමීන් වන මම ඒ දවසේ දී නුඹ ගළවන්නෙමි. නුඹ බිය ව සිටින මිනිසුන්ගේ අතට නුඹ පාවා නොදෙනු ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්