එම්බා මාගේ ආත්මය, ඔවුන්ගේ මන්ත්‍රණයට ඇතුල්නොවන්න; මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට එකතුනොවන්න; කුමක්හෙයින්ද ඔවුන්ගේ කෝපයෙන් ඔව්හු මනුෂ්‍යයෙකු මැරුවෝය, ඔවුන්ගේ හිතුවක්කාරකමෙන් ගොනෙකුගේ කුදි කැපුවෝය.
ගීතාවලිය 30:12 - Sinhala Revised Old Version කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි. Sinhala New Revised Version දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි. Sinhala New Revised Version 2018 දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි. |
එම්බා මාගේ ආත්මය, ඔවුන්ගේ මන්ත්‍රණයට ඇතුල්නොවන්න; මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට එකතුනොවන්න; කුමක්හෙයින්ද ඔවුන්ගේ කෝපයෙන් ඔව්හු මනුෂ්‍යයෙකු මැරුවෝය, ඔවුන්ගේ හිතුවක්කාරකමෙන් ගොනෙකුගේ කුදි කැපුවෝය.
ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
එබැවින් මාගේ සිත සන්තෝෂවේ, මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි. මාගේ මාංසයද සුරැකිව වසන්නේය.
මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවියන්වහන්සේට වේවා. ආමෙන්යයි කීවෝය.