එවිට අපේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී අපටත් අපේ බාලයන්ටත් අපේ සියලු සම්පත්වලටත් සඵලවත් ගමනක් ලැබෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟදී උපවාසයක් ප්‍රසිද්ධකෙළෙමි.
ගීතාවලිය 137:1 - Sinhala Revised Old Version බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව, එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව. Sinhala New Revised Version බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු. Sinhala New Revised Version 2018 බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු. |
එවිට අපේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී අපටත් අපේ බාලයන්ටත් අපේ සියලු සම්පත්වලටත් සඵලවත් ගමනක් ලැබෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟදී උපවාසයක් ප්‍රසිද්ධකෙළෙමි.
ඉක්බිති අපි පළමුවෙනි මාසයේ දොළොස්වෙනිදා යෙරුසලමට යන පිණිස අහවා ගඟ ළඟ සිට පිටත්වුණෙමු. අපේ දෙවියන්වහන්සේගේ හස්තය අප කෙරෙහි විය, උන්වහන්සේ සතුරන්ගේ අතිනුත් මග රැක සිටි අයගෙනුත් අප ගැළෙවූසේක.
එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි.
මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව, ප්‍රීති ප්‍රශංසා ශබ්ද සහිතව, ඔවුන් කැටුව දේවමන්දිරයට ගිය ආකාරය සිහිකරමින්, මාගේ ආත්මය වගුරුවමි.
යෙරුසලමට ප්‍රේමකරන සියල්ලෙනි, ඈ සමඟ සන්තෝෂවී, ඈ කෙරෙහි ප්‍රීතිමත්වෙන්න; ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීතිවෙන්න.
නුඹ මිලේටගත්තාවූ නුඹේ ඉඟටියෙහි තිබෙන පටිය අරගෙන පිටත්වී, ප්‍රාත් ගංගාව ළඟට ගොස් එහි පර්වතයේ විවරයක ඒක සඟවා තබන්නැයි කීය.
මමද සිනාසෙන්නන්ගේ සභාවෙහි හිඳගන ප්‍රීතිනොවීමි. ඔබගේ හස්තය නිසා තනියම හිඳගතිමි; මක්නිසාද ඔබ කෝපයෙන් මා පිරෙවූසේක.
එම්බා බොහෝ ජලයන් පිට වසන්නාවූ, බොහෝ වස්තු ඇත්තාවූ තැනැත්තිය, නුඹේ තණ්හාවේ මිම්ම වන නුඹේ අන්තිමය පැමුණුණේය.
බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?
මේ දේවල් නිසා අඬමි; මාගේ ඇසින්, එසේය, මාගේ ඇසින් කඳුළු ගලන්නේය; මක්නිසාද මා ප්‍රාණවත්කරන්නාවූ සැනසිලිකාරයා මාගෙන් ඈත්ව සිටියි. සතුරා ජයගත් බැවින් මාගේ දරුවෝ අසරණව සිටිති.
ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේට කෑගැසීය. අහෝ සියොන් දුවගේ පවුර, රෑ දාවල් ගඟක් මෙන් කඳුළු වගුරුවන්න; නිස්කලංක නොගන්න; නුඹේ ඇසේ කළුඉංගිරියාව නොනවතීවා.
තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.
කල්දිවරුන්ගේ දේශයෙහි කෙබාර් ගංගාව ළඟ බූසීගේ පුත්‍රවූ එසකියෙල් නම් පූජකයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය; ස්වාමීන්වහන්සේගේ අතද එහිදී ඔහු පිට විය.
එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබීබ් යන ස්ථානයෙහි විසූ වහල්කමේ සිටියවුන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් අතරෙහි විස්මපත්ව හිඳගන උනිමි.
එවිට මම නිරාහාරව, ගෝණි රෙදිද අලුද ඇතුව, යාච්ඤාවෙනුත් කන්නලව්වලිනුත් ස්වාමීවූ දෙවියන්වහන්සේ සොයන පිණිස මාගේ මුහුණ උන්වහන්සේ දෙසට හරවා,
තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය.