ගීතාවලිය 137 - Sinhala New Revised Versionවිප්‍රවාසගත වූවන්ගේ පැතීම 1 බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු. 2 එහි බට පඳුරුවල අපේ වීණා එල්ලා තැබීමු. 3 එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි. 4 විදේශයක දී, සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද? 5 එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා! 6 මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා! 7 සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව. 8 අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය. 9 තිගේ ළදරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්ත ය. |
Ceylon Bible Society
Ceylon Bible Society