Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 2:18 - Sinhala Revised Old Version

18 ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේට කෑගැසීය. අහෝ සියොන් දුවගේ පවුර, රෑ දාවල් ගඟක් මෙන් කඳුළු වගුරුවන්න; නිස්කලංක නොගන්න; නුඹේ ඇසේ කළුඉංගිරියාව නොනවතීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 අනේ සියොන් පුරඟන, සමිඳුන්ට මොරගසන්න; මහා ප්‍රවාහයක් සේ රෑ දාවල් දෙක්හි කඳුළු ගලා යා වා! ඔබට කිසි සහනයක් නොලැබේ වා! ඔබේ දෙනෙතට විවේකයක් නො වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 අනේ සියොන් පුරඟන, සමිඳුන්ට මොරගසන්න; මහා ප්‍රවාහයක් සේ රෑ දාවල් දෙක්හි කඳුළු ගලා යා වා! ඔබට කිසි සහනයක් නොලැබේ වා! ඔබේ දෙනෙතට විවේකයක් නො වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 2:18
14 හුවමාරු යොමු  

මම මුළු සිතින් යාච්ඤාකෙළෙමි; ස්වාමිනි, මට උත්තරදුන මැනව. ඔබගේ පනත් රක්ෂාකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ සියොන් දුවගේ පවුර නාස්තිකරන්ට අදහස්කළසේක; ලනුව ඇද නටබුන්කිරීමෙන් තමන් අත අහක්කර නොගත්සේක. උන්වහන්සේ කොටු-තාප්පය සහ පවුර වැලපෙන්ට සැලැස්වූසේක; ඒවා එක්ව මලානිකවෙති.


මේ දේවල් නිසා අඬමි; මාගේ ඇසින්, එසේය, මාගේ ඇසින් කඳුළු ගලන්නේය; මක්නිසාද මා ප්‍රාණවත්කරන්නාවූ සැනසිලිකාරයා මාගෙන් ඈත්ව සිටියි. සතුරා ජයගත් බැවින් මාගේ දරුවෝ අසරණව සිටිති.


අහෝ මාගේ දියණිය වන සෙනඟගේ මැරුම්කෑවුන් ගැන රෑ දාවල් අඬන පිණිස මාගේ හිස වතුරද මාගේ ඇස් කඳුළු උල්පතක්ද වුණොත් යෙහෙකි!


මනුෂ්‍යයන් ඔබගේ ව්‍යවස්ථාව නොපවත්වන බැවින්, මාගේ ඇස්වලින් දිය ධාරා ගලා යෙති.


මක්නිසාද බිත්තිය කෙරෙන් ගල මොරගසන්නේය, ලී වැඩය කෙරෙන් බාල්කය ඊට උත්තරදෙන්නේය.


ඔව්හු තමුන්ගේ යහන්වලදී කෑගසන විට තමුන්ගේ සිත්වලින් මට මොර නොගැසුවෝය. ඔව්හු ධාන්‍යයද මිදියුසද ගැන රැස්වී, මට විරුද්ධව කැරළිගසති.


ඈ රාත්‍රියෙහි අතිශයින් හඬයි, ඇගේ කඳුළු ඇගේ කම්මුල් පිට තිබේ; ඇගේ සියලු ප්‍රේමවතුන්ගෙන් ඈ සනසන්ට කිසිවෙක් නැත. ඇගේ සියලු මිත්‍රයෝ ඈට ද්‍රෝහිකම් කළෝය. ඔව්හු ඈට සතුරෝ වී සිටිති.


මේ වචනය ඔවුන්ට කියන්න, එනම්: නොනැවතී රෑ දාවල් මාගේ ඇස්වලින් කඳුළු ගලාවා. මක්නිසාද මාගේ සෙනඟවූ කන්‍යා දුව මහත් තුවාලයකින්ද ඉතා තද පහරකින්ද පීඩිතවූවාය.


නුමුත් නුඹලා ඒක අසන්නේ නැත්නම්, මාගේ ආත්මය රහස් තැන්වලදී නුඹලාගේ උඩඟුකම ගැන අඬා, බොහෝසෙයින් කඳුළු වගුරුවනවා ඇත; ස්වාමීන්වහන්සේගේ රැළද වාලට ගෙනයනු ලැබූ නිසා මාගේ ඇස්වලින් කඳුළු ගලනවා ඇත.


මක්නිසාද විළිරුජා ඇති ස්ත්‍රියෙකුගේ හඬ මෙන්ද කුලුඳුලා බිහිකරන ස්ත්‍රියෙකුගේ ගාවිනාව මෙන්ද සියොන් දුවගේ හඬ මට ඇසුණේය, ඈ හතිදමා, කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගන: අහෝ මට දුකය! මක්නිසාද ඇගේ ප්‍රාණය මිනීමරුවන් නිසා ක්ලාන්තවී තිබේයයි කියන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්