ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 106:24 - Sinhala Revised Old Version

ඔව්හු ප්‍රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔව්හු සුන්දර දේශය හෙළා දැක්කෝ ය, මන්ද, එතුමන්ගේ පොරොන්දුව ඔව්හු විශ්වාස නොකළෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ඔව්හු සුන්දර දේශය හෙළා දැක්කෝ ය, මන්ද, එතුමාණන්ගේ පොරොන්දුව ඔව්හු විශ්වාස නොකළෝ ය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 106:24
21 හුවමාරු යොමු  

එවිට යාකොබ් රොටිද කොල්ලු ව්‍යංජනද ඒසව්ට දුන්නේය; ඔහු කා බී නැගිට ගියේය. මෙසේ ඒසව් තමාගේ කුලුඳුල්කම සුළුකෙළේය.


නුමුත් මම කථාකොට: නුඹ දරුවන් අතරේ ගණන්ගෙන ප්‍රියවූ දේශයක් වන රාශි ගණන් ජාතීන් අතරෙන් ඉතා අලංකාර උරුමය නුඹට දෙන්නේ කොහොමදැයි කීවෙමි. එවිට–මාගේ පියාණෙනියි නුඹ මට කියා, මා වෙතින් අහක් නොවී සිටින්ට ඕනෑයයි කීවෙමි.


ඒ දවසේදී, මා විසින් ඔවුන් උදෙසා තෝරාගන තිබුණාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මාගේ අත ඔසවා–


ඔව්හු තමුන් සෝදිසිකළ දේශය ගැන ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නරක ප්‍රවෘත්තියක් පතළකරමින්: අප සෝදිසි කරන්ට ගිය දේශයනම් වැසියන් නාස්තිකරදමන දේශයක්ය; එහි අප විසින් දක්නාලද සෙනඟ සියල්ලෝම බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ සෙනඟ කොපමණ කල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකලාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද?


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත.


එහෙත් කොල්ලයක් වේයයි නුඹලා කීවාවූ නුඹලාගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු නුඹලා ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය.


ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.


නුමුත් ඔව්හු ඒ නොසලකා, එක්කෙනෙක් තමාගේම කෙතටත්, අන් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය.


එසේවීනුමුත් නුඹලා යන්ට නොකැමැතිව නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගසා,


එහෙත් නුඹලා යා යුතු මාර්ගය රාත්‍රියෙහි ගින්නෙන්ද දවාලේ වලාකුළෙන්ද නුඹලාට පෙන්වමින්, නුඹලාට කූඩාරම් ගසාගන්ට ස්ථානයක් සොයාදෙන පිණිස මාර්ගයෙහි නුඹලාට පෙරටුව ගියාවූ,


නුඹලා නැගී ගොස් මා නුඹලාට දුන් දේශය හිමිකර ගන්නය කියා ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේ සිට නුඹලා යැවූ විටත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව නුඹලා කැරළිගැසුවහුය, නුඹලා උන්වහන්සේ විශ්වාස කළේවත් උන්වහන්සේගේ හඬ ඇසුවේවත් නැත.


වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න.


සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.


එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.


මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.


එබැවින් සමහරුන් ඊට ඇතුල්වන්ට ඕනෑ බැවිනුත් ඒ ශුභාරංචිය පළමුකොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නූණ බැවිනුත්,


ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි.