Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 14:31 - Sinhala Revised Old Version

31 එහෙත් කොල්ලයක් වේයයි නුඹලා කීවාවූ නුඹලාගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු නුඹලා ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ‘මම ඔවුන් බිලි දෙන්නට යන්නෙමි’යි කියා නුඹ පැවසූ නුඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නුඹලා හෙළා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ‘මම ඔවුන් බිලි දෙන්නට යන්නෙමි’යි කියා නුඹ පැවසූ නුඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නුඹලා හෙළා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 14:31
14 හුවමාරු යොමු  

තවද කොල්ලයක් වන්නෝයයි නුඹලා විසින් කීවාවූ නුඹලාගේ බාලයෝද අද යහපතවත් අයහපතවත් නොදැන සිටින නුඹලාගේ දරුවෝද එහි ඇතුල්වන්නෝය, ඔවුන්ට මම ඒක දෙන්නෙමි, ඔව්හු ඒක හිමිකර ගන්නෝය.


ඔව්හු ප්‍රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.


එහෙත් සීනයි කාන්තාරයෙහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ ආරොන්ද විසින් ගණන්කළවුන්ගෙන් කිසිවෙක් මොවුන් අතරේ නොසිටියෝය.


හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. කර්මීගෙන් පැවත ආ කර්මී පවුලය.


අප කඩුවෙන් වැටෙන පිණිස ස්වාමීන්වහන්සේ මේ දේශයට අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනවා ඇත. මිසරයට හැරීයාම අපට හොඳ නොවේ දැයි කීවෝය.


අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නැයි කීවේය.


නුමුත් ඔව්හු ඒ නොසලකා, එක්කෙනෙක් තමාගේම කෙතටත්, අන් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය.


ඔව්හු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය.


නුඹලා මාගේ සියලු දැනමුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළිනොගත්තාහුය.


එවිට යාකොබ් රොටිද කොල්ලු ව්‍යංජනද ඒසව්ට දුන්නේය; ඔහු කා බී නැගිට ගියේය. මෙසේ ඒසව් තමාගේ කුලුඳුල්කම සුළුකෙළේය.


මම කාන්තාරයේදී ඔවුන්ගේ දරුවන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ පනත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ විනිශ්චයන් නොපවත්වා, ඔවුන්ගේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න.


උන්වහන්සේ ඔවුන් වෙනුවට නැගිටවූ ඔවුන්ගේ දරුවන් මගදී චර්මඡේද්‍යනොකළ බැවින් ඔව්හු අචර්මඡේදිතව සිටියෝය. යෝෂුවා ඔවුන් චර්මඡේද්‍ය කෙළේය.


ඔවුන්ගේ දරුවෝද ඇතුල්වී දේශය හිමිකරගත්තෝය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන්වූ කානානිවරුන් යටත්කර, ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන්ද ඔවුන්ගේ රජවරුන්ද දේශයේ ජාතීන්ද ඔවුන් අතට පාවාදුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්