Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 9:23 - Sinhala Revised Old Version

23 නුඹලා නැගී ගොස් මා නුඹලාට දුන් දේශය හිමිකර ගන්නය කියා ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේ සිට නුඹලා යැවූ විටත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව නුඹලා කැරළිගැසුවහුය, නුඹලා උන්වහන්සේ විශ්වාස කළේවත් උන්වහන්සේගේ හඬ ඇසුවේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් ඔබ යවමින්, ‘මා නුඹට දුන් දේශයට ඇතුල් වී, එය අයිති කරගත යුතු ය’ කියා කී විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව ඔබ කැරලි ගසා, උන් වහන්සේ අවිශ්වාස කොට, උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් ඔබ යවමින්, ‘මා නුඹට දුන් දේශයට ඇතුල් වී, එය අයිති කරගත යුතු ය’ කියා කී විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව ඔබ කැරලි ගසා, උන් වහන්සේ අවිශ්වාස කොට, උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 9:23
13 හුවමාරු යොමු  

මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය, උන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය.


නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:


එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය.


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත.


ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.


හොරේබ් සිට කාදෙෂ්-බර්නේයට සෙයිර් කඳුකර මාර්ගයෙන් එකොළොස් දවසක ගමන් දුරය.


උන්වහන්සේ කථාකොට: මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගන්නෙමි, ඔවුන්ගේ කෙළවර කුමක් වන්නේදැයි බලන්නෙමි. මක්නිසාද ඔව්හු හිතුවක්කාර වංශයක, අවිශ්වාස දරුවෝය.


මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්