Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 12:16 - Sinhala Revised Old Version

16 වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 දුශ්ශීල කෙනෙකු හෝ එක කෑම වේලක් නිසා සිය ජන්ම උරුමය විකුණු ඒසව් වැනි දේව අභක්තික කෙනෙකු හෝ නොවන ලෙස ද පරෙස්සම් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 කිසිවකුත් ලිංගික අනාචාරයේ නො ගැලෙන ලෙසට හා එක කෑම වේලකට තම කුලුඳුල්කම විකුණූ ඒසව් මෙන් නො වන ලෙසට වගබලා ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 දුශ්ශීල කෙනෙකු හෝ එක කෑම වේලක් නිසා සිය ජන්ම උරුමය විකුණු ඒසව් වැනි දේව අභක්තික කෙනෙකු හෝ නොවන ලෙස ද පරෙස්සම් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 12:16
20 හුවමාරු යොමු  

පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.


විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.


මේවායින් නුඹලා වලකින්නහුනම් නුඹලාට යහපත වන්නේය. නුඹලාට ශුභසිද්ධවේවා යනුයි.


මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි, වේශ්‍යාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිථ්‍යාචාරකම්,


නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.


එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.


මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තකලෙස දැන සිටින්නහුය.


මා නැවත ආකල මාගේ දෙවියන්වහන්සේ නුඹලා ඉදිරියෙහි මා යටත්කරනසේකැයි කියාද, මේ දක්වා පව්කොට තමුන් කළ අපිරිසුකමද වේශ්‍යාකමද සල්ලාලකමද ගැන පසුතැවිලි නුවූ බොහෝදෙනා උදෙසා මට වැලපෙන්ට වේදෝ කියාද භයවෙමි.


ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය.


රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.


එවිට ඒසව්: යාකොබ් යන නම ඔහුට තබා තිබෙනවා සුදුසු නොවේද? මක්නිසාද ඔහු මේ දෙවතාවක්ම මට ලැබෙන්ට තිබුණු දේ පැහැරගත්තේය. ඔහු මාගේ කුලුඳුල්කම ගත්තේය; මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් ගත්තේයයි කීය. එවිට ඔහු: ඔබ මටත් ආශීර්වාදයක් ඉතුරු නොකෙළෙහිදැයි ඇසීය.


නුමුත් වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය.


ඔහු මෙය දන්නවා ඇත: එනම්, ව්‍යවස්ථාව වනාහි ධර්මිෂ්ඨයෙකු නිසා නොව අධර්මිෂ්ඨයන් සහ අකීකරුවන්ද අභක්තීන් සහ පව්කාරයන්ද අපිරිසිදුවන් සහ දේව අපහාසිකයන්ද පියවරුන් මරන්නන් හා මවුවරුන් මරන්නන්ද මිනීමරන්නන්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්